ශ්‍රී ලංකාව අවට මුහුදේ ඛනිජ තෙල් හා ගෑස් ගවේෂණයට කැමැත්ත දක්වන ආයෝජකයින් ගෙන්වා එම ගවේෂණ ආරම්භ කිරීමට බලතල සහිත වීශේෂ අදිකාරියක් පිහිටුවීමට අදාල රෙගුලාසි සදහා විදුලි බල බලශක්ති අමාත්‍ය කංචන වීජේසේකර අද පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය නම් මේ නව ආයතනය මූලික වශයෙන් ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සදහා උනන්දු වන පාර්ශව අභිලාෂ කැදවීමේ ක්‍රියාවලිය සිදු කිරීමට නියමිත බව අමාත්‍යවරයා පවසයි .
අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරන්නේ මේ වනවිට සිදු කර ඇති මුලික ගවේෂණ වලදී ශ්‍රී ලංකාව අවට මුහුදේ ඛනිජ තෙල් හා ගෑස් පවතින බවට නිශ්චය කරගත් ස්ථාන 900කට ආසන්න ප්‍රමාණයක් හදුනාගෙන ඇති බවයි.
මීට පෙරද මෙම ස්ථානවල ගවේෂණ සදහා ප්රමුඛ පෙලේ ආයතන කීපයක් ඉදිරිපත් වුවද ඔවුන් එම කටයුතු ඉදිරියට ගෙන ගියේ නැත. නව ආයතනය මගින් අධ්යක්ෂ ජෙනරාල්වරයෙකුගේ මූලිකත්වයෙන් ඉදිරියේදී ආයෝජකයින් ගෙන්වීමට නියමිත ය.










