රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සම්බන්ධයෙන් එල්ල වී ඇති ද්විත්ව පුරවැසිභාවය පිලිබඳ චෝදනාවට අදාළව බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයෙන් අදාළ විස්තර වාර්තා ලබාගෙන අංග සම්පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
ඕෂල හේරත් විසින් ඉදිරිපත් කරන ලද ඩයනා ගමගේ ගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව ගොනුකර ඇති නඩුවට අදාළව මෙම නියෝගය දුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් තවදුරටත් සඳහන් කළේ බ්‍රිතාන්‍ය මහකොමසාරින් කාර්යාලයේන අදාළ ලියකියවිලි ලැබෙන තෙක් ඩයනා ගමගේ අත්අඩංගුවට ගැනීම සුදුසු නොවන බවයි.
මීට අමතරව 2021 වසරේදී ඩයනා ගමගේට එරෙහිව ඉදිරිපත් වූ පැමිණිල්ලක් සම්බන්ධයෙන් බී වාර්තාවක් යොමු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, බ්‍රිතාන්‍ය පුරවැසි භාවය හිමි ද්විත්ව පුරවැසියෙකු ලෙසට අනාවරණය වූ බව ද හෙළිකර ඇත.
මේ වන විට විදේශ ගමන් තහනමකට ලක්ව සිටින ඇය එම තහනමට ලක් වූයේ සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙනි.







