දිනසේන රතුගමගේ –
යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේදී දැරියක් වසරක් තිස්සේ දූෂණය කළ බව කියන දෙමළ ජාතික පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගෙන් එක් අයෙකු ඊයේ (3) දා පේදුරුතුඩුව පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මේ දැරිය මුලින්ම දූෂණය කළ පොලිස් කොස්තාපල්වරයා එම දර්ශන වීඩියෝ කොට පසුව ඒවා දැරියට පෙන්වමින් වසර දෙකක් තිස්සේම එම දැරියව පොලිස් කොස්තාපල්වරු දෙදෙනා විසින් දූෂණය කොට තිබේ.
පේදුරුතුඩුව පොලීසියේ රථවාහන අංශයට අනුබද්ධිතව සේවය කරණ මෙම දෙමළ ජාතික පොලිස් නිලධාරීන් දෙදෙනා සම්බන්ධයෙන් විස්තර අදාල දැරියට වෛද්‍යවරයෙකු හමුවේ ප්‍රකාශ කොට සිටීමට සිදු වීමෙන් පසුව පොලීසියට ඒ සම්බන්ධයෙන් පැමිණිලිද ලැබී තිබේ.
වයස අවුරුදු 16 දී මෙම දැරිය දූෂණය කිරීමට පටන් ගෙන ඇති අතර ඇය දැනට වයස අවුරුදු 18 පසුවෙයි.
ඇය හදිසියේම ක්ලාන්ත වී රෝහල් ගත කිරීමෙන් පසුව ඇය දැඩි මානසික කම්පනයකින් පසුවන බව වෛද්‍යවරයා තීරණය කර ඇත. අනතුරුව ඇයගෙන් කළ විමසීමේ දී එම දැරිය සියලු විස්තර වෛද්‍යවරයාට ප්‍රකාශ කොට තිබේ.
එසේ හෙළි වූ තොරතුරු පවුලේ ඥාතීන්ටද දැන ගැනීමට ලැබීමෙන් පසුව මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කොට ඇත.
පොලීසිය සිදු කළ මූලික පරීක්ෂණ වලදී දැරිය මුල් වරට දූෂණය කළ අවස්ථාවේ ගත් වීඩියෝ පටය එක් පොලිස් නිලධාරියෙකු ළග තිබී හමු වී ඇති අතර එම පොලිස් කොස්තාපල්වරයා අත් අඩංගුවට ගෙන අධිකරණයෙන් ලබා ගත් රැදවුම් නියෝගයක් මත ඔහුව රදවා ගෙන ප්‍රශ්න කරගෙන යයි.
යාපනය සහ පේදුරුතුඩුව පොලිසි මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.









