සීදුව – කොටුගොඩ – ගලිගංඑලිය ප්‍රදේශයේ දී අද (23) උදේ වෙඩි තබා ඝාතනය කර ඇත්තේ පස් ජාවාරම හා සම්බන්ධ පාතාලයේ ප්‍රබලයෙක්ව සිටි පොඩ්ඩා සමීපව ඇසුරු කළ පුද්ගලයෙක් බව විමර්ශන අංශ පවසයි.
පස්පොඩ්ඩා නඩුවකට පෙනී සිට යළි නිවස බලා එන විට ගම්පහ නගර මධ්‍යයේ දී පසුගිය ජූලි 27 වැනිදා ඝාතනය විය.
අද ඝාතනය වුණු පුද්ගලයා ගිහාන් කාංචන (39) නැමති රද්දොළුව – කොටුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහු බැකෝ යන්ත්‍ර සහ පස් ප්‍රවාහනය කරන ටිපර් රථයක රියදුරෙකු ලෙස කටයුතු කරමින් සිට ඇත.
එමෙන්ම මේ පුද්ගලයා 2018 වසරේ ජනවාරි මස ගම්පහ – බටපොත ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාව මත බන්ධනාගාර ගතව සිට පැමිණි අයෙකි.
මෙම ඝාතන ඝාතනය සිදුවී ඇත්තේ බස් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් කොටුගොඩ, කෙහෙල්බද්දර අවට පදිංචි කණ්ඩායම් දෙකක් අතර කලක සිට පැවති ගැටුමක් හේතුවෙන් බවට මේ වනවිට විමර්ශන අංශ වෙත තොරතුරු වාර්තා වී ඇත.
මෙම වෙඩි තැබීමේ සිද්ධිය විමර්ශනයට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පැවසුවේය.







