ශ්‍රියානි විජේසිංහ
එච්අයිවී වයිරසය ආසාදනය වූ පුද්ගලයින් 600ට ආසන්න සංඛ්‍යාවක් මේ වසර තුළදී හදුනාගෙන ඇතැයි එච්අයිවී ඒ්ඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරචිචි සඳහන් කළාය
මෙසේ හදුනාගත් පුද්ගලයින්ගෙන් වැඩි පිරිස අවුරුදු 18 – 45 වයස් පරතරයන් අතර සිටින අය බව හෙලිව තිබේ.
එසේම එච්අයිවී ආසාදිත වූවන් අතර වැඩිපිරික් අයිස් ඇතුළු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බව හඳුනාගෙන ඇතැයිද වෛද්‍ය රසාංජලී කීවාය.
කොපමණ දැනුවත් කළද ආනාරක්ෂිත ලිංගික කටයුතු වල යෙදෙන තරුණ පිරිස දිනෙන් දිනම වැඩිවන බවත් ඔවුන් පරික්ෂණයන් සඳහා යොමු වීම ඉතාමත්ම අල්පව ඇති බවත් ඇය පෙන්වාදේ.






