බස්නාහිර පළාතේ පාසල් 122ක් ආවරණය වන පිරිදි ඊයේ දිනයේ සිදුකළ මෙහෙයුමක දී පාසල් අවට මත්ද්‍රව්‍ය සහ මත්පෙති අලෙවි කළ පුද්ගලයින් 75 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කරන්නේ හෙරොයින් ග්‍රෑම් 09ක් සහ මිලි ග්‍රෑම් 375ක්, අයිස් ග්රැම් 1 මිලි ග්‍රෑම් 552ක්, මත් පෙති 10ක්, මාවා නැමැති මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 22යි ග්‍රෑම් 48ක් සොයා ගත් බවය.
හිරු –







