අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෙදර පොඩි එකා පරිස්සමින් ද?  අයිස් මත්ද්‍රව්‍ය ගොදුරු කරගත් පුංචි දූවරු දෙදෙනෙක් කියන බිහිසුණු කතාව…

by editor
දෙසැම්බර් 14, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පාසල් දරුවන් ඉලක්ක කරගෙන සිදුකරගෙන යන කාලකන්ණි අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ බිහිසුණු ගොදුරක් වූ නවය වසර ඉගෙනුම ලබන පාසල් දැරියන් දෙදනෙක් දෙරණ රූපවාහිනී නාලිකාව වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් තමන් අත්විඳින ඛේදවාචායක් බඳු ජීවිත ඉරණම විස්තර කර තිබුණේය.

සමාජයක සිදුවිය හැකි අශික්ෂිතව ව්‍යසනය වූ පාසල් දරුවන් මත්ද්‍රව්‍ය වෙත හුරු කිරීමේ තුච්ඡ ජාවාරමේ මාරක ස්වරූපය මේ දැරියෝ දෙදෙනා සමාජයට ප්‍රකාශ කළහ.

අප ඉන්නේ මොන තරම් ව්‍යසනකාරී වටපිටාවක ද, අපේ දරුවන් ගොඩනැගෙන්නේ මොනතරම් බිහිසුණු සමාජයක ද යන්න හෙළිදරව් වූ එම අත්දැකීම් ප්‍රකාශය අපව හිරි වට්ටන්නේය.  එම දැරියන් කියන්නේ මුල්ම වරට තමන් මේ මත්ද්‍රව්‍ය වෙත හුරු වූයේ සිය යෙහෙළියකගේ උපන්දන සාදයක දී  බවය.

ඔවුන් කියන්නේ මේ මත්ද්‍රව්‍යයට හුරු වූ වැඩි දෙනෙක් වයස අවුරුදු 14 -18 වයස්වල පසුවන පිරිමි දරුවන් බවය. පාසල අවට මෙම මත්ද්‍රව්‍ය පහසුවෙන් මිලදී ගත හැකි ස්ථාන පවතින බවත් පාසල් ඇරෙන්නට ආසන්නයේ දී දරුවන්ගෙන් සල්ලි එකතු කරගන්න එක් දරුවෙක් පාසල ඇරී විනාඩි කීපයකින් මත්ද්‍රව්‍ය රැගෙන එන බවත්ය.

ඔවුහු මෙසේ සිය අත්දැකීම් විස්තර කළහ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

“ යාලුවෙකුගේ උපන්දියක්දි  ගෙදරකට ගියා. එක ළමයෙක් ඇවිත් ඒවා පාවිච්චි කළා. ඊට පස්සේ ඒ ළමයා මට කතා කරලා  කිව්වා මේක ටික්ක පාවිච්චි කරලා බලන්න. ඇඟට මාර ජොලියක් දැනෙනවා කියලා. ඉතින් මම ඒක අරන් බැලුවා. එතනින් තමයි මට මේක හුරු වුනේ.“ එක් දුවක් කීවාය.

අනෙක් දියණිය කීවේත් එවැනි කතාවකි.  “යාලුවෙකුගෙ පාටියකදි තමයි මුලින්ම ගත්තේ.    මොකක්ද මේක කියලා දන්නෙ නෑ. යාලුවා කිව්වා මේක දැන්  ගොඩාක් කට්ටිය යූස් කරනවා. ඔයත් ටික්ක ටෙස්ට් කරලා බලන්න කියලා. මමත් ඒක ටෙස්ට් කළා. ඒකෙන් තමයි  මට මේක පුරුදු වුනේ.“

ඇය කියන්නි  පළවෙනි සැරේ  මාසෙකට සැරයක් පමණක් අයිස් මත්ද්‍රව්‍ය ගත් බවය.  “ යන්න යන්න සතියකට එක පාරක් ගන්නම හිතෙනවා. කාලයක් එක්ක යනකොට නැතිවම බැරි වෙනවා.“

“  එන්න මේක සුපිරියි කියලා නිකම් දෙන්නෙ එක පාරයි. ඊට පස්සෙ සල්ලි දීලා ගන්න ඕන.  අපි  දිගටම  ඒක හොයනවා. “

නැවැත්විය නොහැකි දැයි ඇසූ විට ඔවුන් පවසන්නේ එය ඉතා අසීරු කරුණක් බවය.    “නවත්තලා ටිකක් කල් ඉඳලා උනත් කවුරුහරි ගන්නවා  දැක්කම ගන්න හිතෙනවා. සමහර වෙලාවට කියනවා ඔන්න ඔහෙ එනවා ඕයි… අපි ගනිමු කියලා.“

ඔවුන් පවසන්නේ මත්ද්‍රව්‍ය ගන්නේ මත්ද්‍රව්‍යයට  හුරු වූ  යාලුවෙක් මාර්ගයෙන් බවය. නැතිනම් තමන්ට මත්ද්‍රව්‍ය හුරු කළ යාලුවා කී විට ඇය ඒවා ගෙනත් දෙන බවත් අවශ්‍ය මුදල ඇය විසින් කියන බවත් ඔවුන් කියන්නේය.

“ වැඩියෙන්ම ගන්නෙ පොඩි පිරිමි ළමයි. 14 ළමයි ගොඩයි. ඉස්කෝලෙ අවට තියනවා පහසුවෙන් ගන්න තැන්. ඉස්කෝලෙ ඇරෙන්න කලින් සල්ලි එකතු කරගන්න ළමයා  ඉස්කෝලෙන් එළියට පැන්න ගමන්ම ගෙනත් දෙනවා.“

දැරියන් කියන්නේ මේ මත්ද්‍රව්‍ය ගැනීමටට පෙරට වඩා ගත් පසු කාලය ඉතාම අසීරු බවය. “ මතක නෑ… ඉස්කෝලෙ කිසිම වැඩකට අවධානය යොමු කරන්න බෑ. ඉගෙන ගන්න ආසා නෑ. නින්ද යන්නෙ නෑ. බඩගින්නක් එන්නෙම නෑ. කන්න බෑ. අපේ දිව පැලිලා… කටවල් ඔක්කොම තුවාල වෙලා…“

මේ පොඩි උන් දෙන්නා  අපා දුක් විඳන ආකාරය ඇස්වලට කඳුළු ගෙන්වන්නේය. උන් මේ රස බැලූ මාරකයට ගොදුරු වන්නේ ඒ කුමක් ද කියාවත් නොදැනය.

මේ අපරාධය කරන උන්ට හෙණ වැදිය යුතු බව සිතෙන්නේත්, උන්ට මේ සමාජයේ ජීවත් වීමට අවස්ථාව ලබා නොදිය යුතු බව සිතෙන්නේත් මේ බිහිසුණු ඛේදවාචාකය ඇස් මානයේ පත්තුවන විටය.

ඔබ මේ කතාව අසන්න. කරුණාකර ගෙදර පුංචි එකා පරිස්සම් කරගන්න…

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මහනුවර තරුණ බොක්සිං ක්‍රීඩකයෙක් පැහැරගෙන ගොස් කපලා කොටලා දාලා… අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලේ!

Next Post

වෛද්‍යවරුන් 60න් විශ්‍රාම ගැන්වීම අත්හිටුවීමට අධිකරණයෙන්  නියෝගයක්!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.