එළඹෙන 18 වැනිදා කටාර්හි පැවැත්වෙන ලොක කුසලාන පා පන්දු තරගාවලියේ අවසන් මහා තරගයට සිය කණ්ඩායම මෙහෙයවූ ලෝක සම්භාවනාවට පාත්‍ර වූ පාපන්දු තරුව ලයනල් මෙසී ජාත්‍යාන්තර පා පන්දු පිටියෙන් ස්වකීය සමු ගැනීම නිවේදනය කර තිබේ.
අවසන් පූර්ව තරගයේ දීත් වික්‍රමාන්විත ක්‍රීඩාවක් කරමින් ක්‍රොඒෂියාවට එරෙහිව කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවූ මෙසී පවසන්නේ 35 වියැති තමන්ට ඊලඟ පාපන්දු ලෝක කුසලානයක් සම්බන්ධව බලාපොරොත්තු තැබිය නොහැකි බවය.
ඊලඟ ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පැවැත්වෙන්නේ 2026 දී ය. ඊට එක්වීම පිලිබඳ විශ්වාසයක් නැති බැවින් යෞවනයේ ජව සම්පන්න ක්‍රීඩකයින්ට අවස්ථාව ලැබිය යුතු බව ඔහු පවසා තිබේ.
ලයනල් මෙසී ලෝක කුසලාන තරඟ 25 කදී ගෝල 11 ක් ලබා ගනිමින් ඉතිහාස පොතට එක් වූ ක්‍රීඩකයෙකි.







