කීර්ති ප්‍රනාන්දු –
මිනුවන්ගොඩ නගර සභාව සහ ප්‍රාදේශීය සභාව ඒකාබද්ධ කිරීමේ රජයේ යෝජනාවට සහයෝගය ලබා නොදීමටත්, දැඩි විරෝධතාවයක් දැක්වීමටත්, නගර සභාවේ මාසික මහ සභා රැස්වීමේදී සභාව ඒකමතිකව තීරණය කළේය .
මිනුවන්ගොඩ නගර සභාවේ දෙසැම්බර් මාසික මහ සභා රැස්වීමේදී සභාපති නිල් ජයසේකර (පො:ජ: පෙ:) විසින් රජය කර ඇති එම යෝජනාව පිළිබඳව පළාත් පාලන ලේකම්වරයා විසින් එවන ලද ලිපිය පිළිබඳව සභාව දැනුවත් කළ අවස්ථාවේදී සභාවේ සිටි පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් නගර සභාව සහ ප්‍රාදේශීය සභාව ඒකාබද්ධ කිරීමේ රජයේ යෝජනාවට විරුද්ධත්වය ප්‍රකාශ කරන බව පැවසීය .
පොදුජන පෙරමුණ නියෝජනය කරන සභාපතිවරුන් සහ උප සභාපතිවරුන් සහිත ප්‍රබල පොදුජන පෙරමුණු බලයක් සහිත ආයතන දෙකක් ලෙස මිනුවන්ගොඩ නගර සභාව සහ මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාව හැඳින්වේ









