අල්විස් කමිටු වාර්තාව ඉදිරිපත් කළ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ජයිකි ද අල්විස් පිළිබඳ විෂමාචාර තිබේ නම් එම චෝදනා සාක්ෂි සහිතව ඔප්පු කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අද යළිත් වරක් විජිත හේරත් අමාත්‍යවරයාට අභියෝග කළේය.
ඔහු පැවසුවේ විජිත හේරත් ඇමතිවරයාටත් නාරාහේන්පිට ඉඩම් සහ ගොඩනැගිලි හිමිකම් සම්බන්ධයෙන් වූ වත්කම් පිළිබඳ චෝදනා ඇති බව කී උදය ගම්මන්පිල චෝදනා ඕනෑම කෙනෙකුට ඉදිරිපත් කළ හැකි නමුත් චෝදනාවක් කරනවා නම් එම චෝදනාව සාක්ෂි සහිතව ඔප්පු කළ යුතු බව කීවේය.
කාදිනල් තුමාගේ පවා ගර්හාවට ලක්වුන, කතෝලික පල්ලිය විසින් බාල දේශපාලන නාඩගමක් බවට පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප කළ උදය ගම්මන්පිලගේ පාස්කු මැදිහත් වීම සම්බන්ධව අප්‍රසාදයක් පවතිත් දී රනිල් වික්‍රමසිංහ විසින් පාස්කු ප්‍රහාරය පිළිබඳව පත් කළ දෙවැනි කමිටු වාර්තාව ද අද ගම්මන්පිල විසින් ජනගත කරමින් එම අභියෝගය විජිත හේරත් වෙත කළේය.
චැන්ල් ෆෝ නාලිකාවේ ශ්‍රී ලංකා ඊස්ටර් බොම්බින්ස් වාර්තාව නගපු චෝදනාවට ඇත්ත නැත්ත සොයා බලන්න එස්.අයි ඉමාම් කමිටුව පිළිබඳව හෙළි දරවු කරමින් උදය ගම්මන්පිල අද පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේ දී ඔහු මෙසේ පැවසුවේය.
“මෙම පත්කළ කමිටුවට කාදිනල් තුමන් හෝ මාලිමාවේ නායකයන් හෝ වෙනත් පාර්ශ්වයක් විසින් කිසිම විරෝධයක් මතුකළේ නෑ. මේ කමිටුවේ සාමාජිකයින්ගේ හැකියාව හෝ අපක්ෂපාතීත්වය කිසිම කෙනෙක් කිසිම තැනක අභියෝගයට ලක්කරලා නෑ.
පසුගිය 21 වනදා අපි ජනගත කරපු අල්විස් කමිටු වාර්තාවේ අන්තර්ගතය ගැන අපි නගපු චෝදනා ගැන වචනයක්වත් කතා නොකරන ආණ්ඩුව විශේෂයෙන්ම ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් ඇමතිතුමා කමිටුවේ සභාපති ධුරය දැරූ අල්විස් විශ්‍රාමික විනිසුරු තුමියට විෂමාචාර චෝදනා තිබෙනවාය කියලා චෝදනාවක් නැගුවා.
ඕනෑම කෙනෙක්ට ඕනෑම කෙනෙක් ගැන චෝදනා නගන්න පුළුවන් දැන් අපි දන්නවා විජිත හේරත් ඇමතිතුමාට බීමත්ව රිය පැදෙව්වයි කියලා චෝදනා තියෙනවා. නාරාහේන්පිට දැවැන්ත ගොඩනැගිල්ලක් ඉදිකළේ කොහොමද කියලා චෝදනාවක් තියෙනවා. කාටද බැරි චෝදනා නගන්න. ඒක ඕන කෙනෙකුට කරන්න පුළුවන්.
හැබැයි චෝදනාවක් නගනවා නම් ඒක සාක්ෂි සහිතව ඔප්පු වෙන්න ඕනේ. ඒ නිසා මම ගිය සතියේ මෙතන අභියෝග කළා විජිත හේරත් ඇමතිතුමාට පුළුවන් නම් අල්විස් විනිසුරුතුමිය විෂමාචාරයකට වැරදිකරු වුණාය කියන සාක්ෂි මී ළඟ රාජ්‍ය මාධ්‍ය හමුවේදී ජනගත කරන්න කියලා.
දැන් හෙටයි විජිත හේරත් මැතිතුමාගේ මාධ්‍ය හමුව තියෙන්නේ. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා අපේ රටේ ස්වාධීන ජනමාධ්‍යවේදීන් කෝ ඇමතිතුමනි අල්විස් විනිසුරු තුමිය විෂමාචාරයට වැරදිකරු වූ බවට සාක්ෂි කියලා විජිත හේරත් ඇමතිතුමාගෙන් ප්‍රශ්න කරාවි කියලා.







