බ්‍රහස්පතින්දා, ජූලි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ස්වාධීන කොමිෂන් සභාවල බලය ගන්න රජය කරන බලපෑම ගැන රාසමාණික්කම් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට කියයි!

by editor
පෙබරවාරි 27, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ස්වාධීන කොමිෂන් සභාවල බලය තමන් අතට ගැනීමට මේ ජාතික ජන බලවේග රජය කටයුතු කරන ආකාරය සම්බන්ධව මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාන්කියන් රාසමාණික්කම් මන්ත්‍රීවරයා අද රජයට බරපතල චෝදනාවක් එල්ල කළේය.

ජාතික පොලිස් කොමිසම, මැතිවරණ කොමිසම, අල්ලස් කොමිසම තමන්ගේ බලය යටතට ගෙන මෙහෙයවන්නට මේ රජය දරන උත්සාහය අනුව පෙනෙන්නේ මෙතෙක් පැවති සෑම රජයක්ම කටයුතු කළ ආකාරයට ජාතික ජන බලවේග රජයත් ක්‍රියා කරන ආකාරය බව රාසමාණික්කම් මන්ත්‍රීවරයා කීවේය.

මන්ත්‍රීවරයා කීවේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීම්, නව ව්‍යවස්ථාවක් පිහිටුවීම ඇතුළු මේ රජය ජන වරම ලබා ගත් කිසිම ප්‍රධාන කරුණක් විෂයෙහි රජය කටයුතු නොකරන ආකාරය ය.

මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.

ජාතික පොලිස් කොමිසමේ සියලු බලතල තමන් යටතට ගන්න රජය උත්සාහ කරනවා. ජාතික පොලිස් කොමිසම ඉතාම බරපතල පීඩනයක ඉන්නේ. මම දන්න විදිහට මාස කීපයකට පෙර වැඩ බලන පොලිස්පති තුමා පොලිසියේ මාරු කිරීම් වගකීම අපට බාර දෙන්න කියලා.

RelatedPosts

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

රුපියල් කෝටියකට අධික මුදලක් සහ කිලෝ තුන හමාරක රන් පොලු සමඟ කාන්තාවන් ඇතුළු 10ක් වත්තේගමදී දැලේ!

මැදපෙරදිග අර්බුදය ගිනිබත් කරන ඇමෙරිකාවේ න්‍යෂ්ටික දෙබිඩි පිළිවෙත!

ව්‍යවස්ථාව අනුව කොමිසමක බලය එක පුද්ගලයෙකුට දෙන්න බෑ. මේ ලියුම ලියපු දවසේ ඉඳලා පොලිසියයි පොලිස් කමිෂන් එකයි අතර විශාල ගැටලුවක්. පහුගිය සතියේ අපි දැක්කා ඕඅයිසී ලා 190ක් මාරු කරන්න කිව්වා. ඒකෙන් 140ක් අනුමත කළා. ඉතිරි 50 යම් යම් ගැටලු තියන නිසා කරලා නෑ. දැන් බලන්න මේකට එන්පීපී එකට සම්බන්ධ සමාජ මාධ්‍ය ඔස්සේ නැෂනල් පොලිස් කමිෂන් එකේ ඉන්න නිලධාරීන්ට මඩ ගහනවා.

මේක ආන්ඩුකරණය පිළිබඳ බරපතල ප්‍රශ්නයක්. මම දැක්කා සභානායක තුමා රටේ කොලිටි එක අප් කරනවා කියලා. දැන් අප් කරන කොලිටි එක පොලිස් කමිෂන් එකට ප්‍රෙෂර් එක එන තැනට වැටිලා.

බ්‍රයිබරි කමිෂන් එකට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බ්‍රයිබරි කමිෂන් එකට පත් කරපු එක පුද්ගලයෙක් උසාවියට ගිහිල්ලා අධිකරණ කොමිෂන් සභාවේ නිලධාරියෙක් අල්ලස් කොමිසමේ ඉන්න බෑ කියලා තීන්දුව දුන්න නිසා ඉල්ලා අස් වුනා.

දැන් නැවත වාරයක් ව්‍යවස්ථා දායක සභාවත් යම් විදිහකට නොමග යවලා ගවරනර්ස්ලා දෙදෙනෙකුගේ අනුමැතියත් එක්ක ව්‍යවස්ථ‍ා දායක සභාවේ වැඩියෙන්ම ලකුණු ලැබුනෙ මාධව තෙන්නකෝන්ට. මාධව තෙන්නකෝන්ට දෙන්නේ නැතිව නැවත වාරයක් දීලා තියනවා රංග දිසානායකට. අධිකරණ කොමිසමේ නිලධාරියෙක්. ඒකට විරුද්ධව නඩුවක් ගොනු කරලා අද නඩුව යනවා. මේ කමිෂන්වල බලය අපේ අතට ගන්න ඕන කියන මතයෙ තමයි ආණ්ඩුව ඉන්නේ.

වැඩි ලකුණු හම්බවුන මාධව තෙන්නකෝන්ට දෙන්නේ නැතිව මේ රංග දිසානායක මහත්මයට දීලා නැවත වරක් දැන් උසාවියට ගිහිල්ලා. අධිකරණ කොමිසමේ නිලධාරියෙකුට මේකේ ඉන්න බෑ බ්‍රයිබරි කමිෂන් එකේ. එතුමාටත් ඉල්ලා අස් වෙනවා. දැන් ව්‍යවස්ථාදායක සභාව හරහා බ්‍රයිබරි කමිෂන් එකේ තියන ස්වාධීනත්වයත් නැති කරන්න හදනවා

ඊලඟට මැතිවරණ කොමිසම…. ඉලෙක්ෂන් කමිෂන් එකට බරපතල පීඩනයක් එල්ල කරනවා රජය. මම දැක්කා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශක් නිතුක් තරලා තියනවා රජය දැඩි පීඩනයක් එල්ල කරනවා කියලා එයාලට සියලුම මැතිවරණ ඉක්මනින් තියන්න කියලා.

එතකොට ස්වාධින මැතිවරණ කොමිසක් තිබ්බම මැතිවරණ කොමිසමේ වගකීම තමයි ස්වාධීන ලෙස දිනය නියම කිරීම. අපි විපක්ෂ මැතිවරණ කොමිසමට ගිහිල්ලා කිව්වේ අය – වැය යන කාලේ මැතිවරණය තියන්න එපා කියලා. පලාත් පාලන මැතිවරණ ඊලඟ සතිවල කැඳෙව්වුවොත් අපට  ඊලඟ විවාදවලදි කතා කරන්න බෑ. මොකද අපි නොමිනේෂන් බලන්න ගමේ ඉන්න ඕන. ආණ්ඩුවට ඒකද දන්නේ නෑ උවමනා

රජය පැත්තෙන් දැන් විශාල පීඩනයක් දෙනවා කියලා වහාම මේ ඡන්දය පවත්වන්න කියලා රජය පැත්තෙන්. ඒකේ තියෙන්නේ මාස තුනක් ඇතුළත පටන් ගන්න කියලා. ඒකේ කිසිම ගැටලුවක් නෑ.

මේ රජය අනුගමනය කරන්නේ පෙර සිටි අනෙක් සැම රජයක්ම අනුගමනය කළ ක්‍රමයම තමයි. කිසිම වෙනසක් නෑ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ණයට කුඩු ටොන් ගණන් දෙන ජාත්‍යාන්තර පාතාලයේ පිළිගැනීම පද්මේට යද්දි රටේ අනෙක් පාතාල කල්ලි කලබල වෙලා…

Next Post

ඵලදායී ව්‍යාපෘතිවලට මාස 08ක් තුළ වැයකර ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රුපියල් බිලියන 1400ක්…

Related Posts

පුවත්

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026
court-
පුවත්

  2026 උසස් පෙළ කල් දැමීමේ පෙත්සම අභියාචනාධිකරණය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි!

ජූලි 23, 2026
පුවත්

රුපියල් කෝටියකට අධික මුදලක් සහ කිලෝ තුන හමාරක රන් පොලු සමඟ කාන්තාවන් ඇතුළු 10ක් වත්තේගමදී දැලේ!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026
court-

  2026 උසස් පෙළ කල් දැමීමේ පෙත්සම අභියාචනාධිකරණය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි!

ජූලි 23, 2026

රුපියල් කෝටියකට අධික මුදලක් සහ කිලෝ තුන හමාරක රන් පොලු සමඟ කාන්තාවන් ඇතුළු 10ක් වත්තේගමදී දැලේ!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!
  •   2026 උසස් පෙළ කල් දැමීමේ පෙත්සම අභියාචනාධිකරණය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි!
  • රුපියල් කෝටියකට අධික මුදලක් සහ කිලෝ තුන හමාරක රන් පොලු සමඟ කාන්තාවන් ඇතුළු 10ක් වත්තේගමදී දැලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.