රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික ලේකම් වරයකු වන සුදත් චන්ද්‍රසේකර විසින් අටවා ගත් යුනයිටඩ් යූත් නම් සංගමයක් මගින් පසුගිය ජනපතිවරණය ඉලක්ක කරගෙන කරන ලද ක්‍රිකට් වැඩමුළු වලදී බෙදා හැරීම සඳහා ක්‍රීඩා උපකරණ ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් කෝටි ගණනක් වැය කළ ආකාරය පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස ක්‍රීඩා සමාජ කීපයක් ජනාධිපතිවරයා වෙත පැමිණිලි කිරීමට සූදානම් වනබව ලංකාසරට වාර්තා වේ.
හුදෙක් දේශපාලන අරමුණෙන් පවත්වා ඇති මෙම ක්‍රිකට් පුහුණු වැඩමුළු සඳහා ක්‍රිකට් ආයතනයේ වැටුප් ලබන ඇතැම් පුහුණුකරුවන් පවා යොදවා ඇති අතර ඒ සඳහා ඔවුන් යොමු කළේ කවරෙක් ද යන්නත් සොයා බැලිය යුතු බව ඔවුහු පවසති.
මේ සඳහා ක්‍රිකට් උපකරණ මළු ලබා දී ඇත්තේ ක්‍රිකට් ආයතනයේ ජාතික සංවර්ධන අංශයෙන් වන අතර ඒ සඳහා නියෝග ලබා දී ඇත්තේ ඉහළම නිලධාරියෙකු බවද වාර්තා වේ.







