බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාපනය පුස්තකාලය ගිනි තියන්න දකුණෙන් ආව දේශපාලකයින් රෑ කෑම කෑවේ උතුරේ දේශපාලකයින්ගේ ගෙවල් වලින් – දිලිත් ජයවීර

by editor
අගෝස්තු 18, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

යාපනය පුස්තකාලයට ගිනි තැබීම සඳහා දකුණෙන් පැමිණි දේශපාලකයින් ඒ රාත්‍රී කෑම කෑවේ මේ උතුරේ දේශපාලකයින්ගේ නිවෙස්වලින් බව උතුරේ ජනාතාව දන්නවා දැයි තමන් නොදන්නා බව මව්බිම ජනතා පක්ෂයේ නායක ජනාධිපති අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර පැවසීය.

මේ රටේ ජාතිවාදය වපුරමින් උතුර ගිනි තියන අතර කොළඹ සුඛෝපභෝගී ජීවිත ගතකරන මෙම දමිළ දේශපාලකයින් වපුරන වාර්ගික ගින්නට හසු නොවන ලෙසත්, සිංහල මහ ජාතියක් හෝ දෙමළ සුළු ජාතියක් නොව ඉන්නේ සියලුම වාර්ගික කොටස් එක් වූ මහා ජාතියක් බවත් දිළිත් ජයවීර පැවසුවේය.

දිලිත් ජයවීර මේ බව පවැසුවේ සර්ව ජන බලය සන්ධානය සිය මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරමින් ඊයේ යාපනයේ පැවති මංගල රැළිය අමතමිනි. මෙම රැලියට සහභාගී වීමට ප්‍රථම ව්‍යවසායක දිලිත් ජයවීර ඇතුළු සර්වජන බලයේ නියෝජිතයින් ඊයේ  උදෑසනම යාපනය නාග විහාරය වැඳපුදා ගනිමින් සහ මීගහජඳුරේ සිරිවිමල ස්වාමීන් වහන්සේගේ ආශිර්වාද ලබා ගත්තේය. පසුව  යාපනයේ විකා ජෙනරාල් රදගුරු පදවිය අති උතුම් ජෙබරත්නම් රදගුරුතුමා යාපනය බිෂොප් නිවසේදී හමු වී ආශිර්වාද ලබා ගත්තේය. ඉන් අනතුරුව යාපනයේ ජුම්මා මස්ජිත් මුස්ලිම් දේවස්තානයෙන් ආශිර්වාද ලබා ගත් අතර යාපනයේ නල්ලූර් කන්දස්වාමි කෝවිලෙන් ආශිර්වාද ලබා ගෙන ජනාධිපතිවරණ රැලි මාලාවේ මංගල රැලියට  මේ පිරිස එක් විය.

විමල්, ගම්මංපිල, වලේබොඩ, ගෙවිඳු , අරුන් සිද්ධාර්ථන් සමග දිළිත්…

ඊයේ (18) යාපනය රක්ක පාර ක්‍රීඩාංගනයේ මහජන රැලිය අමතමින් ඔහු මෙසේ ද පැවසුවේය.

“අද අපිට සුවිශේෂී දිනයක්. මම ගාල්ල දිස්ත්‍රික්කයේ ඉපදිලා අද මම මේ යාපනය ප්‍රදේශයට එන්නේ ඔබව ආමන්ත්‍රණය කරන්න. අපි පාසල් යන කාලයේ අපේ පාසැල ඉස්සරහ තිබුනා කිත්තන්ගේ කියලා එකක්. අපේ පංතිවල ගොඩක් දමිල මිත්‍රයන් හිටියා. 83 අර්තමර්තකාමි දේශපාලකයින් උතුරේ සහ දකුණේ එකතු වෙලා ගිනිතියනකම් මේ රටේ අපි දැනගෙන හිටියෙත් නැහැ අපි අතරේ යම්කිසි භේදයක් ඇති කරන්න හදනවා කියලා.

යාපනය පුස්තකාලයට ගිනි තියන්න දකුණෙන් ආපු ඒ දේශපාලකයින් රාත්‍රී කෑම කෑවේ මේ උතුරේ දේශපාලකයින්ගේ ගෙවල්වල කියලා ඔබ දන්නවාද කියලා මම දන්නේ නැහැ. ඒ නිසා මම ඔබට ආයාචනා කරන්නේ සිංහල කියලා මහ ජාතියක්වත්, දෙමල කියලා සුළු ජාතියක්වත් නැහැ. ශ්‍රී ලාංකිකයින් හැටියට සභ්‍යත්වය විශ්වාස කරමින් අපි සියලු දෙනාම එකමුතු මහා ජාතියක් බව අපි එකග වෙන්න ඕන කාරණයක්.

මට වගකීමෙන් කියන්න පුළුවන් කොළඹ සුඛෝපභෝගී ජිවිත ගත කරන මේ සියලු දේශපාලකයින් ඔබ රැවටීම පමණයි කරන්නේ. ඒකේ ප්‍රතිපලයක් හැටියට උතුරේ තරුණයින් කීදෙනෙක් මැරිලා තියෙනවද. දකුණේ තරුණයින් කීදෙනෙක් මැරුණද මේ පටු ආත්මාර්ථකාමී දේශපලනය නිසා. මේ ජාතිවාදය ඇතුළු බෙදීම් ඇති කරන්නේ මේ ආත්මාර්ථකාමී දේශපාලකයින් තමන්ගේ සුඛ විහරණය සදහා පමණක්ම බව මම කියන්න ඕන. මෙන්න මේ බොරුව නවත්වන්න අපි සංකේතාත්මකව ආදර්ශයක් දෙන්න තමයි අපි මේ යාපනයට ආවේ.

අපි හිතනවා උතුරේ ජනතාවත් නැගෙනහිර ජනතාවත් මේ රටේ ඉන්න සියලුම දෙමල කතෝලික හින්දු බර්ග ඒ සියලුම ජනතාවත් ඒ වගේම දකුණේ ඉන්න සිංහල බෞද්ධ ජනතාවත් සිංහල කතෝලික ජනතාවත් සිංහල ක්‍රිස්තියානි ජනතාවත් මේ හඬ ඔවුන් තේරුම් ගනීවි කියලා. අපිට අවශ්‍ය නැහැ බෙදුණු ජාතිකත්වයක්. අපිට ඕන එකමුතු ජාතිකත්වයක්. ඒකයි තරුවේ වෙනස.

මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් කාන්තාවන්ට. කොච්චර අමාරුකම් තිබුණත් ගෙදර සතුට ආරක්ෂා කර ගනිමින් දරුවන්ට, ස්වාමි පුරුෂයා රැක ගන්නේ කාන්තාව. අද අපි ආවේ මේ දකුණේ ආදරය අරගෙන අපිට ඕන රට ගැන ඇති කරපු වැරදි අවබෝධය දකුණ ගැන කියන වැරදි අවබෝධය වෙනස් කරලා අපගේ ආදරය ඔබට දීලා යන්නයි ආවේ.

උතුරේ ජනතාව අපිත් එක්ක ඉන්න. ඔබගේ සතුට ගැන සිතා අපි වැඩ කරනවා. අපි වෙනස්ම දේශපාලන ගමනක යන්නේ. අපි කවදාවත් කනගාටු හිතෙන දේශපාලනයක් කරන්නේ නැහැ. ඡන්දය දෙන්න පෙට්ටිය අස්සට ඔබ ගියාම දරුවන් ගැන හිතලා කතිරය ගහන්න. අපේ ආදරය කවදාවත් නැති වෙන්නේ නැහැ. අපි කරන්නේ බොරු දේශපාලනයක් නෙවේ.”

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජැක්සන් ඇන්තනීගේ බිරිය කුමාරි මුණසිංහ සජබ ට එක්වෙයි… ඇයට ගම්ප දිස්ත්‍රික් සංවිධායක ධූරය පිරිනැමෙයි!

Next Post

හොරු අල්ලන්න බලය අරන්  කරපු මරු වැඩේ… එක හොරෙක් අගමැති කළා… අනෙක් හොරා ජනාධිපති කළා…. අනුර කුමාර කියයි

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.