බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දළදා ප්‍රදර්ශනය පැවැත්වෙන අප්‍රේල් 18 -27 කාලය තුළ මහනුවර පාසල් නිවාඩු දෙයි!

by editor
මාර්තු 2, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දළදා වහන්සේ ප්‍රදර්ශනය සිදු කෙරෙන කාලවකවානුව තුළ මහනුවර ප්‍රදේශයේ පාසල් නිවාඩු ලබාදීමටත් ඒ සඳහා දරුවන්ගේ අධ්‍යාපනයට වෙනත් දිනයන්හි පාසල් පැවැත්වීමටත් තීරණය කර තිබේ.

මෙම තීරණය ගෙන තිබුණේ දළදා ප්‍රදර්ශනය පිළිබඳ මූලික සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවති අවස්ථාවේ දී ය.

වසර 16කට පසුව රටේ බෞද්ධ ජනතාවට මෙම අවස්ථාව ලබාදීම පිළිබඳ මහානායක හිමිවරුන්ට ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා කියා සිටියේ තම ජීවිත කාලයේ කවදා හෝ දිනක දළදා වහන්සේ වැඳ පුදාගත යුතුය යන්න මෙරට බෞද්ධ ජනතාවගේ අපේක්ෂාව වන බවයි.

එමෙන්ම රට තුළ ගිලිහෙමින් තිබෙන ශිෂ්ටත්වය යළි ස්ථාපිත කරමින් ආගමික සහ සංස්කෘතික ප්‍රබෝධයක් ඇති කිරීමට මෙම අවස්ථාව ඉවහල් කර ගනු ඇතැයි බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

රට තුළ බෞද්ධ ප්‍රබෝධයක් ඇතිවන පරිදි මෙම කටයුතු සංවිධානය කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා අලුත් අවුරුද්දේ දිගුවක් ලෙස පැවැත්වෙන මෙම දළදා දැක්මේ මංගල්‍යය රට අලුත් දිශාවකට යොමු කරනු ඇති බවට විශ්වාසය පළ කළේය.

දින දහයක් මුළුල්ලේ පැවැත්වෙන දළදා දැක්ම සඳහා ලක්ෂ සංඛ්‍යත ජනතාවක් සහභාගි වනු ඇතැයි අපේක්ෂා පළ කළ ජනාධිපතිවරයා ඔවුන්ට කිසිදු බාධාවකින් හා අවහිරයකින් තොරව දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට අවස්ථාව උදාකර දීම සියලුදෙනාගේ වගකීම බවත් රජයක් ලෙස ඒ සඳහා උපරිම දායකත්වය සහ මැදිහත්වීම ලබාදෙන බවත් කියා සිටියේය.

දළදා  පෝලිම් තුනකින්…

විශේෂ දළදා ප්‍රදර්ශනයේදී ප්‍රධාන වශයෙන් පෝලිම් තුනකින් පැමිණෙන මහජනතාවට දළදා වහන්සේ වන්දනා කර ගැනීමට අවස්ථාව ලබාදීමට මෙහිදී සාකච්ඡා විය.

දළදා වහන්සේගේ හා මහජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මහානායක හිමිවරුන්ගෙන් ලැබෙන උපදෙස් අනුව කටයුතු කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

දළදා වහන්සේ වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන්ගේ සනීපාරක්ෂක පහසුකම් සහ කසළ කළමනාකරණය පිළිබඳ මෙම සාකච්ඡාවේදී වැඩි අවධානය යොමු කළ අතර එම කාලය තුළ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කෙරිණි.

එමෙන්ම ජනතාවගේ සෞඛ්‍ය, පානීය ජල අවශ්‍යතා සහ සෙසු පහසුකම් සැලසීම පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර දළදා වහන්සේ වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන්ට ආහාර ලබාදීම වෙනුවෙන් දන්සල් පැවැත්වීමට කැමැති පිංවතුන්ට ලියාපදිංචිවීම සඳහා අවස්ථාව ලබාදීමටද සාකච්ඡා විය.

ජනතාව තුළ බෞද්ධ ප්‍රබෝධයක් ඇතිවන අයුරින් සැරසිලි කටයුතු සිදු කිරීම සහ විශේෂ දළදා දැක්මේ මංගල්‍යය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයද, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත ඇතුළු මැති ඇමතිවරුන්ද, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල , දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්වරු සහ රේඛීය ආයතන ප්‍රධානීහුද ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දළදා ප්‍රදර්ශනය කරන දිනයන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි!

Next Post

ගිනි තබාගෙන සිය දිවි හානිකරගත් බව කී චාවකච්චේරි සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ මරණය ගැන සැකයක්!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.