බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යතුරුපැදි අනතුරට ලක් වු සිල්වෙස්තර විද්‍යාලයේ සිසුන් දෙදෙනාම මිය යති… සිල්වෙස්තර – විද්‍යාර්ථ මහා ක්‍රිකට් තරගය අතරමග දී නවතා දමයි!

by editor
අප්‍රේල් 3, 2026
in පුවත්
sachith-nethula

සචිත් ( වමේ ) සහ නෙතුල

Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ –

මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහල සහ විද්‍යාර්ථ විදුහල අතර පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරඟයේ සංවිධාන කටයුතු සඳහා සහභාගී වීමට යමින් සිටිය දී  යතුරුපැදි  අනතුරකට ලක්ව බරපතල තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටි සිල්වෙස්තර විද්‍යාලයේ අනෙක්  සිසුවා ද  ජීවිතක්ෂයට පත් වූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

පල්ලේකැලේ, රත්මල්ඔය පාලම අසළදී ඊයේ (02) පෙරවරු 6.30 ට පමණ මොවුන් ගමන් ගත් යතුරු පැදිය පෞද්ගලික බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. අනතුර සිදුවූ අවස්ථාවේදීම යතුරු පැදිය පැදවූ සිසුවා එම ස්ථානයේ දීම ඛේදනීය ලෙස මිය ගියේය.  හිසට බරපතළ තුවාල ලබා මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අනෙක් සිසුවා ඊයේ පස්වරුවේ මියගොස් ඇත.

මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ ශාන්ත සිල්වෙස්තර විදුහලේ 12 වන වසරේ අධ්‍යාපනය ලැබූ නෙතුල නිම්දින සහ සජිත් කරුණාරත්න නැමැති සිසුන් දෙදෙනාය.

මෙම සිසුන් දෙදෙනා මහා ක්‍රිකට් තරඟයේ ආරක්ෂක කමිටු සාමාජිකයින් ලෙස කටයුතු කර ඇති අතර, ක්‍රීඩාංගණයට පැමිණෙන සිසුන්ගේ ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කිරීම ඇතුළු සංවිධාන කටයුතු සඳහා සහභාගී වීමට පෙරවරුවේ යමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබේ.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

දිගන සිට මහනුවර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක යතුරු පැදිය ගැටී ඇති අතර, බස් රථයේ රියදුරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත. මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහගේ උපදෙස් මත පල්ලේකැලේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

මේ  අතර මෙම ඛේදනීය අනතුර හේතුවෙන් මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය සහ ‍  විද්‍යාර්ථ විද්‍යාලය අතර පැවැත්වූ 66 වන මහා ක්‍රිකට් තරඟය අතරමග නතර කිරීමට විදුහල්පතිවරුන් දෙදෙනා තීරණය කර තිබේ. මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් කළ යෝජනාවක් සැලකිල්ලට ගනිමින් විදුහල්පතිවරුන් දෙදෙනා සාකච්ඡා කර මෙම තීරණයට එළැඹ ඇත.

තරඟය ආරම්භ වී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් විද්‍යාර්ථ විද්‍යාලය කඩුලු 03ක් දැවී ලකුණු 45ක් ලබා සිටියදී මෙලෙස තරඟය අත්හිටුවීමට පියවර ගැනුණි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගල් අඟුරු වංචාවේ මහ මොළකාරයා ජනාධි අනුර… නාමල් රාජපක්ෂ හෙළි කරයි!

Next Post

‘Walk for Peace Program in Sri Lanka’ සාම පාගමනට රාජ්‍ය අනුග්‍රහය: අනුරාධපුරයේ සිට කොළඹට ශ්‍රී මහා බෝධි අංකුරයක් වැඩම කරවයි!

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.