නෝර්වුඩ් – රංජිත් රාජපක්ෂ –
ජාතික ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්රීනී ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි, තමන් ගමන් ගන්නා මෝටර් රථයට ඉන්ධන ලබා ගැනීම සඳහා අද (18) හැටන් නගර මධ්‍යයේ පිහිටි පිරවුම්හලක සාමාන්‍ය වාහන පෝලිමක රැඳී සිටිනු දක්නට ලැබුණි.
සිය වාහනයට ඉන්ධන ලබා ගන්නා තෙක් මාධ්‍ය වෙත අදහස් දැක්වූ මන්ත්‍රීවරිය සඳහන් කළේ, ඉන්ධන ලබා ගැනීම සඳහා තමන් විනාඩි 30ක පමණ කාලයක් පෝලිමේ රැඳී සිටි බවයි.
ලෝකයේ රටවල් කිහිපයකම ඉන්ධන අර්බුදය පවතින බවත්, එළඹෙන සිංහල සහ හින්දු අලුත් අවුරුද්දට ප්‍රථම මෙරට ඉන්ධන සහ ගෑස් හිඟයට විසඳුම් ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු වත්මන් රජය කටයුතු කරමින් සිටින බවත් ඇය වැඩිදුරටත් කියා සිටියාය.







