සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

83 ජූලි කලබල අතර අධිකරණ ඇමතිගේ පියා තමන් ඇතුළු පවුලම ජීවිතය බේරාගත් සංවේදී අතීත කතාව මනෝ ගනේෂන් පාර්ලිමේන්තුවේ දී කියයි…

by editor
මාර්තු 1, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අද (01) පාර්ලිමේන්තු විවාදය අතර මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා අතිශය සංවේදී කතාවක් කළේය. ඒ කතාවේ මුල 1983 තෙක් දිව යන්නේය. ඒ අවධියේ මනෝ ගනේෂන් මන්ත්‍රීවරයාත් ලාබාල තරුණයෙකි.

අද අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාරගේ පියා ප්‍රවීන කලා ශිල්පී යසපාලිත නානායක්කාරය. මනෝ ගනේෂන් අද කීවේ හර්ෂණ ගේ පියා යසපාලිත ඔහුගේත් ඔහුගේ අම්මා, තාත්තා, සහෝදර සහෝරියන් ඇතුළු පවුලේ සියලු දෙනා මරණයෙන් බේරාගත් ආකාරය ගැනය.

මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා ඒ කතාව කියනවිට පසුපස සිටි සුජීව සේනසිංහගේ මුව විවරවී තිගැස්සෙනු රූපවාහිනී තිරය මත දිස්වූයේය. මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා කී ආකාරයෙන්ම කතාව මෙසේය.

“ඔබතුමාගේ පියා යසපාලිත නානායක්කාර. එතුමා බලය බෙදිම වෙනුවෙන් පෙනී සිටි කෙනෙක්. විජය කුමාරතුංග මහත්තයා එක්ක හිටියෙ. කලාකරුවෙක් විතරක් නෙමෙයි. හොඳ දේශපාලකයෙක්. පළාත් සභාවෙත් හිටියා. මම දන්නවා ඒක.”

“ඔබට කතාවක් කියන්නම්. ”

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

“මා ගරුකරන නායකයෙක් විජය කුමාරතුංග මහතා. විජය කුමාරතුංග මැතිතුමා තමයි ඒ කාලේ බලය බෙදීම වෙනුවනේ පෙනී සිටි කෙනා. ඒ විතරක් නෙමෙයි, දකුණේ සිට උතුරට ගියා. පේ.ආර්.ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලෙදි උතුරට ගිහින් එල්ටීටීඊ සංවිධානය එක්ක සාකච්ඡා කරලා රට තුළ යුද්ධයක් තිබුණ අවස්ථාවේදි ජාතීන් අතර සමගිය ඇති වෙන්න ඕන කියලා කිව්වා. එතුමා බය නැතිව ඒ ගැන කතා කළා. නමුත් 1988දි එතුමා මරා දැම්මා. කවුද?. ඔයගොල්ලො ( ජනතා විමුක්ති පෙරමුණ) ….”

“1983 කාලෙදි හැව්ලොක් ගාර්ඩ්න් එකේ අපේ නිවස තිබුණා. ඒ කාලේ… කෝලාහල කාලේ මගේ නිවස ගිනි තිබ්බා. අපේ වාහන ගිනි තිබ්බා. අපේ ඥාති අය මරලා දැම්මා. අපිට මොකුත් ලැබුනෙ නෑ. එහෙම ලයිස්තුවල අපේ නමුත් නෑ. ”

“එහෙම කරදර අවස්ථාවේදි හැව්ලොක් ගාර්ඩන් නිවස ගිනි තියන්න පෙර මිනිත්තු පහකට පෙර ටෙලිෆෝන් කෝල් එකක් ආවා. ඒ කාලේ මෝබයිල් ෆොන්ස් නෑ. කෝල් එක ආවා. විජය කුමාරතුංග කතා කළේ. ඔහු අපේ තාත්තගේ මිත්‍රයා. ”

“කතා කරලා විනාඩි පහකින් එක්කෙනෙක් ආවා. ඇවිත් එයාගෙ වාහනෙන් මාව මගේ අම්මව තාත්තවා මගේ සහෝදරයො ඔක්කොම දාගෙන එක්කරන් ගියා. ”

“කවුද එයා. එයාගෙ නම යසපාලිත නානායක්කාර. ඔබේ තාත්තා. එච්චරයි උනේ. එහෙමයි කළේ. අරන් ගියා. අරන් ගිහින් බේරගත්තා. ”

“අපි යනකොටම කණ්ඩායමක් ආවා. ඇවිත් ගෙවල් ගිනිතිබ්බා. අපිව මරන්නයි ආවේ. ඔබේ තාත්තා අපිව බේරගෙන අරන් ගියා.”

“ඒ නිසා ඇමති තුමනි. මම ඔබ විශ්වාස කරනවා. මේ බලය බෙදීම කරන්න. නොබෙදුන ශ්‍රී ලංකාවක එකමුතු ශ්‍රී ලංකාවක බලය බෙදීම අපේ අපේක්ෂාව. ඒ වගකීම ඔබතුමාට තියනවා. ඒක කරන්න.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බෙදුම්කරුවන්ට අනීතිකව බිලියන 31ක් ගෙවූ හැටි විගණනය හෙළි කරයි…

Next Post

ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ පළමු අදියර ඇරඹුන හැටි…

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.