Race Cource ව්‍යාපාරිකයන් රැකගන්න ජනාධිපති සහන  

රට තුළ පැතිර යන කොවිඞ් – 19 වසංගතය හේතුවෙන් ව්‍යාපාර කටයුතු අඩාල වූ කොළඹ රේස් කෝස් පිටියේ වෙළඳසැල් හිමියන් ගෙවිය යුතු හිඟ මුදලින් 50% ක් කපා දැමීමට ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ උපදෙස් පරිදි කටයුතු කරන බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා   ප්‍රකාශ කරයි.

මේ අනුව, ගිය වසරේ පෙබරවාරි මාසයේ සිට මේ දක්වා වූ හිඟ මුදලින් 50% ක් කපා හැර තිබේ. ඒ හැර ඉතිරිවන වෙළඳසැල් කුලියට තවත් සහනයක් ලබා දී ඇත. එම හිඟ මුදල ගිවිසගත් ඉදිරි කාලය තුළ ගෙවා දැමීමට අවසර ලබාදීම එම සහනයි.

මීට අමතරව තවත් සහන කිහිපයක් ඔවුන්ට ලබා දී ඇති බවද ලේකම්වරයා ප්‍රකාශ කළේ ය. එම සහනවලට අනුව, අදාළ ව්‍යාපාර ස්ථාන පිළිබඳව පාරිභෝගිකයන් දැනුවත් කිරීම සම්බන්ධයෙන්වන ප්‍රචාරක කටයුතු සහ පාරිභෝගිකයන් එම ව්‍යාපාර ස්ථානවලට ආකර්ෂණය කර ගැනීම සඳහා නව අලෙවි උපාය මාර්ග දියත් කරන බවද අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පෙන්වා දෙන ලදී.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනාධිපතිවරයා  ආරක්ෂක ලේකම්වරයාව සිටි 2014 වසරේ නවීකරණය කරන ලද මෙම රේස් කෝස් පිටියේ ව්‍යාපාරික ස්ථානයේ මෙතෙක් ව්‍යාපාර කටයුතු කළ ව්‍යාපාරිකයන් මෙම ස්ථානයේ ම රඳවා ගැනීමට ජනාධිපතිවරයාට අවශ්‍යතාවය තිබෙන බව ද, අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ ය.

Exit mobile version