සීමා දැම්මට ආනයන වියදම සියට 57කින් වැඩි වුණු හැටි මහ බැංකුව කියයි…

Export

ලලිත් චාමින්ද –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම වර්ෂයේ (2021) ජුනි මාසයේ වෙළදභාණ්ඩ ආනයන වියදම ඉකුත් වර්ෂයේ (2020) ජුනි මාසයට සාපේක්ෂව ඩොලර් මිලියන 1659 දක්වා සියයට 57.2කින් ඉහලගොස් ඇති බැව් ශ්‍රි ලංකා මහ බැංකුව කියයි.

පාරිභෝගික භාණ්ඩ, අන්තර් භාණ්ඩ හා ආයෝජන භාණ්ඩ යන සියලුම ප්‍රධාන ආනයන කාණ්ඩ සදහා ආනයන වියදම ඉහළගොස් ඇති බවද ශ්‍රි ලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවේ සදහන් වේ.

මෙම වර්ෂයේ මුල් ජනවාරි සිට ජුනි මාසය දක්වා වු සමස්ත ආනයන වියදම ඩොලර් මිලියන 10,015ක් ලෙස වාර්තා වි ඇත. පාරිභෝගික භාණ්ඩ සදහා සදහා වු ආයනයන වියදම ඉකුත් වර්ෂයට සපේක්ෂව මෙම වර්ෂයේ ජුනි මාසයේ දි ඩොලර් මිලියන 165 දක්වා සියයට 61.9කින් ඉහලගොස් ඇති බවද මහබැංකුව පවසයි.

කිරි නිෂ්පාදන, ප්‍රධානවශයෙන් කිරිපිටි, චිස් හා බටර්, තෙල්හා මේද වර්ග, පොල්තෙල් ඇතුළු තෙල් වර්ග මුළු ආහාර පිරිවැය ඉහල යාමට විශාල වශයෙන් හේතුවු බවද මහ බැංකුව පවසයි.

එමෙන්ම ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ සදහා වන වියදම ඩොලර් මිලියන 217.2 දක්වා සියයට 47.6කින් ඉහලගොස් ඇත.ඒ සදහා ප්‍රධාන වශයෙන් බෙහෙත් හා ඖෂධිය නිෂ්පාදන එන්නත්, රුපවාහිණි, රයිස් කුකර්, විදුලි පංකා, ශිතකරණ, ජංගම දුරකථන, රබර් ටයර් හා ටියුබ් හේතු වි ඇති බවද ශ්‍රි ලංකා මහ බැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවේ සදහන් වේ.

අන්තර් භාණ්ඩ ආනයන කිරිම සදහා ඩොලර් මිලියන 839, ආයෝජන භාණ්ඩ ආනයනය සදහා ඩොලර් මිලියන 436.2ක් වැයවි ඇති බවද මහ බැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවේ සදහන් වේ.

Exit mobile version