සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම 81.5% වර්ධන වේගයක් වාර්තා කරයි

රටේ පවතින අයහපත් සාමාජීය ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම දිවයිනේ ශීඝ්‍රයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම බව ප්‍රත්‍යක්ෂ කරයි. ශ්‍රී ලංකා රක්ෂණ සංගමය 2022 සඳහා ජීවිත රක්ෂණ සමාගම්වල කාර්යසාධන වාර්තාව පසුගියදා ප්‍රකාශයට පත් කළ අතර එහිදී සියලු ජීවිත රක්ෂණ සමාගම් අභිබවමින් 81.5%ක වර්ධන වේගයක් වාර්තා කරමින් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම දිවයිනේ ජීවිත රක්ෂණ සමාගම් අතරින් 09 වන ස්ථානය ලබා ඇත. 2021දී 11 වන ස්ථානයේ සිටි සණස ලයිෆ් වසරකදී සමාගම් ගණනාවක් අහිබවමින් 09 වන ස්ථානයට පැමිණීම සුවිශේෂ වේ. 2022 පළමු මාස හයේදී සණස ලයිෆ් රු. මිලියන 1307ක දළ වාරික ආදායමක් ලැබූ අතර එය 2021ට සාපේක්ෂව 81.5%ක වර්ධන වේගයකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


2003දී සණස, ජීවිත රක්ෂණ සමාගමක් ලෙස කටයුතු කිරීමේ බලපත්‍රය හිමි කර ගත් අතර ආරම්භයේ සිටම ශ්‍රී ලාංකීය ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ පෙරලිකාර වෙනස්කම් කරමින් දිනෙන් දින ඉදිරියට පැමිණ තිබේ. ජීවිත රක්ෂණ සමාගමක් ලෙස තම සාමාජීය වගකීම මැනවින් හඳුනා ගත් සණස ලයිෆ් පසුගිය කොවිඩ් 19 වසංගත කාලයේදී රක්ෂණ වාරික ගෙවීමට අපොහොසත් වූ ජීවිත රක්ෂණ හිමියන් 20000කට අධික සංඛ්‍යාවකගේ අක්‍රිය වූ ජීවිත රක්ෂණ ඔප්පු කිසිඳු මුදලක් අය නොකර සක්‍රිය කළේය. “ඉතා කෙටි කාලයකින් මෙවැනි ගමනක් පැමිණීම ගැන මට ඇත්තේ ආඩම්බරයක්, මේ ජයග්‍රහණය එක් රැයකින් ලබා ගත්තක් නොවෙයි. මේ සඳහා කණ්ඩායමක් ලෙස වෙහෙස වුණු හැම කෙනෙක්ම මේ මොහොතේ මා ඉතා ආදරයෙන් මතක් කරනවා. සණස ලයිෆ් බිහි වෙන්නේම ජනතාවට සහණයක් වීමේ අරමුණින්, ජනතාව අතරින්. ආරම්භයේ සිටම අප හා සම්බන්ධ වූ අපව විශ්වාස කළ සියලු දෙනාට මගේ කෘතඥතාව පළ කරනවා.” සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ප්‍රධාන විධායක නිලධාරී ඉන්දික කිරිවන්දෙණිය මහතා පැවසීය.

Exit mobile version