ශ්‍රි ලංකාව ජී.එස්.පී ප්ලස් තීරුබදු කඩුලේලෙන් පාස්

යුරෝපයට භාණ්ඩ අපනයනයේදී ශ්‍රි ලංකාව ලබා දී ඇති ජී.එස්.පී ප්ලස් තීරු බදු සහනය තවදුරටත් ක්‍රියාත්මක වන බවත් එය යළි යුරෝපා සංගමය මගින් වර්ගීකරණයට ලක් කරන තෙක් වලංගු වන බවත් යුරෝපා සංගමය පවසයි.

ශ්‍රි ලංකාව ඉහළ මැදි අදායම් රටක් ලෙස පසුගිය දිනවල ජාත්‍යන්තර වර්ගීකරණයට ලක් වීම හේතුවෙන් මෙම සහනය අහිමි වන තත්ත්වයක් පැවතුණද එලඹි කොවිඩ් 19 වසංගතයත් සමඟ ශ්‍රි ලංකාව ඉහළ මැදි ආදායම් රටක සිට යළි පහළ මැදි ආදායම් රටක් බවට පත්වීම හේතුවෙන් මෙම සහනය දිගටම ලබා දීමට යුරෝපා සංගමය පියවර ගෙන ඇත.

ඊයේ මේ පිළිබඳව පැවැති අන්තර්ජාල සමුළුවකදී අනාවරණය කළ යුරෝපා සංගමයේ දේශපාලන සමහ වෙළෙඳ කටයුතු සහ සන්නිවේදන අංශයේ ප්‍රධානී තොර්ස්ටන් බාර්ග්ෆේඩ් ප්‍රකාශ කළේය. කෙසේ වුවද ශ්‍රි ලංකාව යහපාලනය සම්බන්ධ ප්‍රතිපත්ති සහ කොවිඩ 19 වැළක්වීමේ ශක්තිමත් පිළිවෙතක් පවත්වාගෙන යාමේ වැදගත්කම ද අවධාරණය කළේය.


ඔහු එහිදී පෙන්වා දුන්නේ ශ්‍රි ලංකාව මානව හිමිකම්, කම්කරුවන්ගේ ජීවන තත්ත්වය, පරිසර සංරක්ෂණය, සහ යහපාලනය ඇතුළු සුවිශේෂි ක්ෂේත්‍රවලට සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතීන් 27කට එකඟතාව පළ කර තිබීම කොන්දේසියක් කර ගනිමින් මෙම සහනය ලබා දුන් බවය. එසේම යුරෝපා සංගම් වෙළෙඳ ප්‍රධානියා මෙහිදී සඳහන් කළේ යුරෝපා වෙළෙඳපොළට භාණ්ඩ අපනයන කරන සෙසු කලාපීය තරගකරුවන් වන බංග්ලාදේශය, වියට්නාමය, කාම්බෝජය වැනි රටවලට ඉදිරියෙන් සිට කටයුතු කිරීමේ වැදගත්කමයි. පසුගිය වසරේ යුරෝපා සංගමයට ඇතුළත්ව සිටි බ්‍රිතාන්‍යය ඇතුළු සෙසු යුරෝපා රටවලට ඇමෙරිකානු ඩොලර් බිලියන 12ක් වටිනා අපනයන සිදු කොට ඇත.

ශ්‍රි ලංකාවේ මානව හිමිකම් උල්ලංයඝන සම්බන්ධ චෝදනා හේතුවෙන් යුරෝපා සංගමය 2010 වසර්දී ජී.එස්.පී සහනය අහිමි කිරීමට කටයුතු කළ අතර යළි 2017 වසරේ මැයි මාසයේදී එය ලබා ගැනීමට කටයුතු සිදු කෙරුණි. කෙසේ වුවද ලෝක බැංකුව විසින් 2019 වසරේ දී ශ්‍රි ලංකාව ඉහළ මැදි අදායම් ලාබී රටක් ලෙදස ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් 2023 වසරේදී මෙම සහනය අහිමි වන තත්්තවයක් පැවතිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද කොවිඩ් වසංගතය හේතුවන් මෙම සහනය යලි අපට හිමිව තිබේ. මේ සහනය යටතේ යුරෝපා සංමයට අයත් රටවල් 27කට අපට මේ යටතේ තීරු බදු සහන සහිතව භාණ්ඩ අලෙනවි කිරීමේ අවස්ථාව හිමිවෙයි.

Exit mobile version