වාලච්චේන කඩදාසි මෝලට විමල්ගෙන් යළි පණ…

වාලච්චේන පිහිටි ජාතික කඩදාසි සමාගමේ ප්‍රධාන කඩදාසි නිෂ්පාදන යන්ත්‍රය ඊයේ (30) යළි පණ ගැන්විණි. වයසර ගණනාවක් තිස්සේ වසා දමා අක්‍රිය තත්ත්වයේ පැවැති මෙම යන්ත්‍රය කර්ජාමාන්තිත පිළිබඳ අමාත්ක‍ය විමල් වීරවංශ ගේ මෙහෙයවීම මත  කඩදාසි සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු නව කළමනාකාරීත්වය දේශීය සහ විදේශීය ඉංජිනේරුවන්ගේ මෙන්ම නාවික සහ යුධ හමුදා ඉංජිනේරු අංශ සාමාජිකයන්ගේ සහයෙන් යළි සක්‍රිය කොට කඩදාසි නිෂ්පාදනය සක්‍රිය පරීක්ෂණ මට්ටමින් සිදු කිරීම ඒ අනුව ඊයේ ඇරඹිණ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද (30) දිනයේ වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාවේ ප‍්‍රධාන කඩදාසි නිෂ්පාදන යන්ත‍්‍රය පණගන්වා එමගින් ‘‘ පරීක්ෂණ කඩදාසි නිෂ්පාදනය ’’ එළිදැක්වීම නිරීක්ෂණයෙන් අනතුරුව මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසීය. ඉදිරියේදී වානිජ මට්ටමේ කඩදාසි නිෂ්පාදනය සිදු කිරීමට හැකි වන පරිදිබ කම්හලේ කටයුතු සූදානම් වනු ඇති අතර ජී.එස්.එම් 60 සිට 200 දක්වා වූ කඩදාසි සහ බෝඩ්  නිෂ්පාදනය වනු ඇති බව මෙම අවස්ථාවට සහභාගී වූ අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විමල් වීරවංශ මහතා මෙසේද සදහන් කළේය.

ඒ වගේම මෙම කර්මාන්ත ශාලා පරිශ‍්‍රය සතු අක්කර 500ක භූම්භාගය බහුවිද සංවර්ධන ව්‍යාපෘති සහිතව සංවර්ධනය කිරීමට අදාළ කැබිනට් පත‍්‍රිකාවක් ද අප ඉදිරිපත් කරනු ලැබුවා. ඒ අනුව මහා භාණ්ඩාගාරයේ ඇපයක් සහිතව බැංකු මගින් ඉදිරියේදී රුපියල් මිලියන 800ක ණය මුදලක් මෙම ආයතනයට ලැබේවි. ඒ බහුවිද සංවර්ධන ව්‍යාපෘති ද ඇතුළත්ව සිදු කෙරෙන කටයුතු සමග අපට ඉදිරි වසර කිහිපය තුළ ජාතික කඩදාසි සමාගම ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට හැකි බවට වන විශ්වාසයක් ද අප සතුයි.


එසේම සූර්ය බලශක්ති පැනල මගින් මෙම කර්මාන්ත ශාලාවට අවශ්‍ය විදුලිය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු ද දැන් සැලසුම් කරමින් තිබෙනවා.
මෙම මාධ්‍ය හමුවට ජාතික කඩදාසි සමාගමේ සභාපති, විමල් රූපසිංහ, අමාත්‍ය උපදේශක සුදේශ් නන්දසිරි, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකා රුවනි සේනාරත්න, නාවික හමුදා ලූතිනන් ප‍්‍රියංක ජයසිරි යන මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ.

Exit mobile version