බිඳ වැටෙන ඇඟලුම් කර්මාන්තය ගොඩ නගන්න අවස්ථාවක්…

ඇගළුම් කර්මාන්තයට අවශ්‍ය මෙරට නිපදවිය හැකි අමුද්‍රව්‍ය නිපදවීමේ උද්‍යානයක් එරාවුර් හි ඇරඹේ...

ඇගළුම් කර්මාන්තයට අවශ්‍ය මෙරට නිපදවිය හැකි අමුද්‍රව්‍ය නිපදවීම අරමුණ කරගත් ඇගළුම් උද්‍යානයක් එරාවුර් හි ආරම්භ කිරීමට අරමුණු කරගෙන ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජය මොහොට්ටාල  පවසයි.

සංජය මොහොට්ටාල

කෘතිම හා ස්වාභාවික රෙදිපිළි සහ ඇගැළුම් නිෂ්පාදන කර්මාන්තයට අවශ්‍ය වෙනත් දෑ මෙම උද්‍යානය තුළ නිෂ්පාදනය අපේක්ෂා කෙරේ. මේ වන විටත් රටවල් කීහිපයක ආයෝජකයන් සමග මේ පිළිබඳව සාකච්ඡා කර ඇති අතර ඒ සඳහා සතුටුදායක ප්‍රතිචාරයන් ලැබී ඇති බව ද ඔහු කියයි.
මෙරට වාර්ෂික අපනයන ආදායම අමරිකානු ඩොලර් බිලියන 12 කි. එයින් ඩොලර් බිලියන 5.7 ලැබෙන්නේ ඇගළුම් අපනයනයෙනි. ලංකාවේ ඇගළුම් කර්මාන්ත ශාලා 300 පමණ ලක්ෂ 3 අධික ශ්‍රම බලකායක් සේවයේ යෙදෙති. ඇඟළුම් ආශ්‍රිතව තවත් මිලියනයක පමණ ජනතාවක් වක්‍ර රැකියා මගින් ජීවනෝපාය සරිකර ගනිති.
ලොවපුරා එකවර ඇති වූ මෙම ව්‍යසනයත් සමග ඇගළුම් කර්මාන්තයටද විශාල බලපෑමක් ඇතිවිය. ශ්‍රී ලංකාව ඇගළුම් නිෂ්පාදනයේදී ඉහළ අගයක් ඇති මිළ අධික ඇගළුම් නිපදවයි. මේ වන විට මෙවැනි අර්බුද හමුවේ මිළ අධික භාණ්ඩ මිළදී ගැනිමට ජනතාව මැළිකමක් දක්වයි. එම තත්වය තේරැම් ගනිමින් විකල්ප නිෂ්පාදන කෙරේ අවදානය යොමු කළ යුතුව ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.
පවතින තත්ත්වය මත පුද්ගල ආරක්ෂක මෙවලම් නිෂ්පාදනය සඳහා විශාල ඇණවුම් ප්‍රමාණයක් ලබා ගැනිමට මෙරටට හැකිවිය. කර්මාන්තශාලා 33ක එම නිෂ්පාදන සිදු කරයි. මේ වනවිට ලැබී ඇති ඇණවුම්වල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 500කට අධිකය. එය ඉදිරියේදී ඩොලර් බිලියන 1 දක්වා ඉහල යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
අපගේ ප්‍රධාන ඇගළුම් වෙළදපොළ ලෙස සැලකෙන්නේ ඇමරිකාව හා යුරෝපයයි. මෙම අර්බුදය සැලකිල්ලට ගනිමින් ඔවුන් සිය ගෝලීය සැපයුම් ජාලය යම් රටකට, කලාපයකට සීමා කිරීමට අදහස් කරයි.
“එය අපට හොඳ ප්‍රවනතාවයක්. අසල්වැසි ඉන්දියාව අමුද්‍රව්‍ය නිපදවනවා, බංග්ලාදේශය අගය අඩු නිෂ්පාදන වැඩි වශයෙන් සිදුකරනවා, ශ්‍රී ලංකාව ඉහළ අගයේ නිෂ්පාදන සිදු කරනවා. සියලු රටවල් එකම කලාපයේ. මෙම රටවල් අතර නිදහස් වෙළඳ ගිවිසුම් පවා තිබෙනවා. ඇත්තෙන්ම එය හොඳ ප්‍රවනතාවයක්.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජය මොහොට්ටාල   පවසයි.


Exit mobile version