පේපෑල් එනකල් ඔන්ලයින් ගනුදෙනුවලදී තිබෙන විකල්ප පාවිච්චි කරන්න

State Minister Ajith Cabraal

අන්තර්ජාලය හරහා කෙරෙන ගනුදෙනුවලදී ලෝකයේ බහුල වශයෙන් භාවිත කෙරෙන (Paypal) පේපෑල් ගෙවීම් පහසුකම හරහා කෙරෙන ගනුදෙනුවලින් ශ්‍රි ලංකාවට මුදල් ගෙන්වා ගැනීමේ පහසුකම ලබා ගැනීමට සමඟ දැනට වසර ගණනක සිට උත්සාහ කළද එය මෙතෙක් ලබා ගැනීමට නොහැකි ව ඇති බවත් ඒ වෙනුවට දැන් ජනප්‍රිය වෙමින් පවතින PayHerePayments, DirectPay, WEBXPAY, Xoom, skrill, Payoneer, Earthport and Genie වැනි විකල්ප හරහා එම අවශ්‍යතා සපුරා ගැනීමට කටයුතු කළ යුතු බවත් මුදල් ප්‍රාග්ධන වෙළෙඳපොල සහ පොදු සමාගම් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ලංකාසරට පැවසීය.

වර්තමාන රජයට මෙම පහසුකම ලබා ගැනීමේ අදහස අත් හැර නොමැති බවත් ශ්‍රි ලංකා මහ බැංකුව මේ වනවිට ඇමෙරිකානු තානාපති කාර්යාල හරහාද මෙම පහසුකම ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවද ඔහු සඳහන් කළේය.

ලෝකයේ බොහෝ අන්තර්ජාල ගනුදෙනුවලදී සුලබම වශයෙන් පිළිගැනෙන ජාත්‍යන්තර මුදල් හුවමාරු පහසුකම වන්නේ පේ පෑල් ය. විශේෂයෙන් ඇමසන් e bay වැනි ප්‍රධාන පෙළේ අන්තර්ජාල වෙළෙඳපොල වේදිකවලද මෙය ප්‍රධානතම ගෙවීම් ක්‍රමය වෙයි.


ශ්‍රි ලාංකිකයන් විදේශ රටවලින් භාණ්ඩ හෝ සේවා මිලදී ගැනීමේදී මෙරට මුදල් එරටට යැවීමට පේපෑල් ක්‍රමය හරහා හැකියාව ලැබුණද දේශීය ව්‍යවසායකයන්ට පේ පෑල් හරහා මෙරටට මුදල් ගෙන්වා ගැනීමට අවශ්‍ය පහසුකම එම සමාගම ශ්‍රි ලංකාව සඳහා ලබා දී නොමැත.

මේ සම්බන්ධයෙන් දැනට වසර හයකට ආසන්න කාලයක් තිස්සේ ශ්‍රි ලංකාව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ උත්සාහයන් පවා ගෙන තිබුණි. ශ්‍රි ලංකා මහබැංකුව ගෙවීම් සහ පියවීම් පිළිබඳ දෙපාර්තමේනතුව මේ සම්බන්දයෙන් කටයුතු කර අතර තවදුරටත් දෙපාර්ශ්වය අතර සාකචඡා පැවැත්වෙන බව මහ බැංකුවේ නිලදාරිනියක් අප වෙත ප්‍රකාශ කළාය.

මෙම පහසුකම ලබා ගැනිමට වර්තමාන රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස සිටින කාලයේදීද උත්සාහ ගත් අතර මේ පිළිබඳව ලංකාසර කළ විමසීමකදී කබ්රාල් මහතා සඳහන් කළේ දැන් ලෝකය් තවත් එවැනි විකල්ප ගෙවීම් වේදිකා ජනප්‍රිය වෙමින් පවතින බැවින් ඒවා කෙරෙහි යොමු වී අපේ අවශ්‍යතාව සපුරා ලැනීම වඩාත් වැදගත් බවයි.
ඒ අනුව ඉහත ගෙවීම් වේදිකා හරහා අන්තර්ජාල ගනුදෙනු සිදු කළ හැකි වන එම අවස්ථා ප්‍රයෝජනයට ගත හැකි තැන් සහ වෙළෙඳපොල පිළිබඳව අන්තර්ජාලය හරහා ගනුදෙනු කරන අපේ ව්‍යවසායකයන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ රටක් ලෙස පසුගිය කාලය තුළ ම පේපෑල් සමාගම සමඟ මේ ගෙවීම් ලබා ගැනීමට අදාල එකඟතාවන්ට එන්නට අප උත්සාහ කරමින් සිටිනවා. දැනට ඇමෙරිකානු රජයට හරහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින්ද මේ සම්බන්ධයෙන් යම් යම් පියවර ගෙන තිබෙනවා. අපට සුබවාදී බලාපොරොත්තු තබා ගත හැකියි. නමුත් එය එනතෙක් අපට මේ පවතින වෙළෙඳපොළ අවස්ථා හමුවේ බලා හිඳින්නට හැකියාවක් නෑ. අප අපේ අවශ්‍යතා කෙසේ හෝ සපුරා ගත යුතුයි. එක් දෙයක් දෙස බලා නොහිඳ දැනට වෙළෙඳපොලේ මේ සඳහා පවතින ගනුදෙනු පහසුකම් ලබා ගැනීමට උත්සාහ කළ යුතුයි. මා ඉහත සඳහන් කළ වෙළෙඳපොළ් පහසුකම් දැනට සුලබ වශයෙන් භාවිත වෙනවා. එයින් උපරිම අවස්ථාවක් අප ගත යුතුයි” යයි සඳහන් කළේය.

Exit mobile version