නීත්‍යනුකූල නොවන සියලු මුල්‍ය ආයතන වසාදැමිය යුතුයි – බන්දුල

නිත්‍යානුකූල නොවන සියලු මූල්‍ය ආයතන වසා දැමිය යුතු බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා අද පැවසීය.

නීත්‍යානුකූලව මෙරට ක්‍රියාත්මක මූල්‍ය ආයතන සියල්ල ශ්‍රී ලංකා මහා බැංකුව යටතේ එහි අධි අධීක්ෂණය මත ක්‍රියාත්මක වන බව පෙන්වා දුන් ඒ මහතා නීත්‍යානුකූල නොවන ආයතන මගින් ගනුදෙනුකරුවන්ට බලවත් අසාධාරණයන්ට මුහුණ පෑමට සිදුවන බව අවධාරණය කළේය.

මහ බැංකුවේ ලියාපදිංචි නීත්‍යානුකූල මූල්‍ය ආයතන ද වඩා ඵලදායි හා කාර්යක්ෂමව පවත්වාගෙන යෑම සම්බන්ධව රජයේ දැඩි අවධානය යොමුව තිබෙන බවත් ඒ පිළිබඳව ශ්‍රී ලංකා මහා බැංකුව සමඟ සාකච්ඡා කොට විධිමත් වැඩපිළිවෙලකට කඩිනමින් යොමු වන බව බන්දුල ගුණවර්ධන මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.


මෙරට නීත්‍යානුකූල නොවන අන්දමට සිදුවන මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන්ව ජනාධිපතිවරයා  අගමැතිවරයා හා කැබිනට් මණ්ඩලයේ දැඩි අවධානය යොමු කර තිබෙන බව සිහිපත් කරන ඒ මහතා මෙවැනි ආයතන සම්බන්ධව දැඩි නීති පද්ධතියක් ඉදිරියේදී හඳුන්වාදීමට පියවර ගනිමින් සිටින බව සඳහන් කළේය.

එමගින් ගනුදෙනුකරුවන්ගේ මෙන්ම සමස්ත ජනතාවගේ අපේක්ෂාව උපරිමයෙන් සුරක්ෂිත කිරීමට ආරක්ෂා කරන බවත් ජනතාව තලා පෙලා පවත්වාගෙන යන නිත්‍යානුකූල නොවන මූල්‍ය ආයතන සම්බන්ධව පුළුල් විමර්ශනයක් ඇතිකරන බවද බන්දුල ගුණවර්ධන මහතා කීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීමේ අරමුණ ඇතිව නව නීති පද්ධතියක් සැකසීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබෙන බව පෙන්වා දුන් ඇමතිවරයා ඊළඟ පාර්ලිමේන්තුවේ දී එම නීති සියල්ල සම්පාදනය කර ගන්නා බවද පැවසීය.

Exit mobile version