කොළඹ වරාය ගැන සොයන කමිටුවේ අමාත්‍යංශ ලේකම්වරු සිව් දෙනෙක්

කොළඹ වරායේ ශ්‍රි ලංකා වරාය අධිකාරිය විසින් කළමනාකරණය කරනු ලබන ජය බහලු පර්යන්තය සහ නැගෙනහිර බහලු පර්යන්තය ඉදිරියේදී සංවර්ධනය කිරීම පිළිබඳව අධ්‍යයනය කොට වාර්තා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කමිටවුක් පත් කර ඇති  අතර ඊට වරාය සභාපතිවරයාට අමතරව සෙසු සාමාජිකයන් සියලු දෙනාම අමාත්‍යංශ ලේකම්වරුන් වීම විශේෂත්වයකි.

ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයට අනුව වරාය පිළිබඳව සොයා බලා වාර්තා කිරීම සඳහා පත් කොට ඇති මෙම කමිටුවේ වරාය සහ නාවික කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් එම්.එම් පීකේ මායාදුන්න ,කර්මාන්ත අපනයන සහ ආයෝජන ප්‍රවර්ධන අමාතයංශයේ ලේකම් එම්.පී.ඩී යූ කේ මාපාපතිරණ, මහාමාර්ග සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් රංජිත් ප්‍රේමසිරි, විදුලිබල සහ බලශක්කති අමාත්‍යංශයේ ලේකම් වසන්තා පෙරේරා   යන අමාත්‍යංශ ලේකම්වරුන් නියෝජනය කරන අතර විශ්‍රාමික මේජර් ජනරාල් දයා රත්නායක සෙසු සාමාජිකයා වෙයි.

මෙම කමිටුව මූලික වශයෙන් ජයබහලු පර්යන්තය සංවර්ධනය කිරීම සහ විශාල නැව්වලට පැමිණිය හැකි ආකාරයෙන් ගැඹුර වැඩි කිරීමට අදාළ සංවර්ධන කටයුතු පිළිබඳව පසුගිය රජය විසින් 2016 වසරේ ජූලි මාසයේදී ගන්නා ලද තීරණය පිළිබඳවත් ඒ සම්බන්ධයෙන් එවකට මුදල් අමාත්‍යංශය විසින් දක්වන ලද නිරීක්ෂණ පිළිබඳවත් සොයා බැලීම සඳහා කටයුතු කරනු ඇති බව ත් වරාය සංවර්ධනය කිරීමට පෙර ගැන්ට්‍රි දොඹකර මිලදී ගැනීම සහ ඊට අදාල ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳවද විමර්ශනය කිරීමට බලාපොරොත්තු වන බවත් සඳහන් වේ. නිසි ටෙන්ඩර් කැඳවීමකින් තොරව සිදු කරන ලද මෙම මිලදී ගැනීම් වලදී එහි ඊට වැය වූ මුදල් පිළිබඳවද අධ්‍යයනයක් කිරීම කෙරෙහි මෙම කමිටුවට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වෙයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මීට අමතරව කොළඹ වරායේ මේ වනවිට දැඩි කතා බහට ලක් ව ඇති නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් වෙනත් රටවල් සමඟ එලඹ තිබෙන ගිවිසුම් මෙන්ම මෙම පර්යන්තය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති සහ ගත යුතු පියවර පිළිබඳවද හැදෑරීමට ලක් කරනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Exit mobile version