කොළඹ කොටස් වෙළඳපොළේ සභාපති ලෙස දුමිත් ප්‍රනාන්දු පත්කෙරේ

කොළඹ කොටස් වෙළඳපොළේ සභාපතිවරයා ලෙස ජාතික හා ජාත්‍යන්තර මූල්‍ය ආයතන රැසක විවිධ තනතුරු හෙබවූ දුමිත් ප්‍රනාන්දු මහතා පත් කර ඇත.

කොටස් වෙළඳපොලේ සභාපතිවරයා ලෙස පුරා වසර 13 කටයුතු කළ රේ අබේවර්ධන මහතාගේ සේවාකාලය අවසන් වන ලබන මස පළමුවැනිදා සිට දුමිත් ප්‍රනාන්දු මහතා සිය ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතය.

දුමිත් ප්‍රනාන්දු මහතා යුනියන් ඇෂුවරන්ස්, සිංගර් ශ්‍රී ලංකා යන සමාගම්වල ස්වාධීන අධ්‍යක්ෂවරයකු ලෙසත් ලංකා වාණිජ මණ්ඩලය ආර්ථික ප්‍රතිපත්තීන් හැසිරවීමේ කමිටුවේ සාමාජිකයෙක් ලෙසත් කටයුතු කරයි.


ජාතික හා ජාත්‍යන්තර ප්‍රාග් වෙළඳපොලේ වසර විසිපහකට අධික කාලයක අත්දැකීම් ඇති දුමිත් ප්‍රනාන්දු මහතා තම වෘත්තීය ජීවිතය තුළ නිව්යෝක් හොංකොං හි ජේ.පී.මොරගන් හා ක්‍රෙඩිට් සුයිස් යන ගෝලීය මූල්‍ය ආයතනවල විවිධ තනතුරු හොබවා ඇත .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇමරිකා එක්සත් ජනපදයේ මිඩ්ල්බරි කොලීජියේ කිං සිය ප්‍රථම උපාධිය ලෙස ගෞරව සහිත ශාස්ත්‍රවේදී උපාධියක් ලබාගත් ප්‍රනාන්දු මහතා Harvard Business School වෙතින් ව්‍යාපාර පරිපාලනය උපාධිය (MBA) හිමි කරගෙන ඇත.

Exit mobile version