තරුණ ව්‍යවසායකයන්ට ව්‍යාපාර ගොඩගන්න මිලියනයක ණයක්

කොරෝනා වසංගතයේ හේතුවෙන් අර්බුදයට ලක්වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ණය ලබාදීම සඳහා මෙරට රජය ගත් පියවර වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 165 ක ණය මුදලක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කර තිබේ.

එයින් ඩොලර් මිලියන 100 ක් හදිසි ප්‍රතිචාර සංරචකයක් ද ලෙස ලබාදීමට නියමිතය.

මෙම ණය මුදලට අමතරව දිළිඳුකම අවම කිරීම සඳහා වන ජපන් අරමුදල යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 1.25ක ප්‍රදානයක් ලබාදීමටද ලබාදීමට ද එකඟතාව පළ කර ඇතැයි රජය පවසයි .


එමෙන්ම ද්විතීක අධ්‍යාපනය  වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 400 ක අයවැය සහන ණය මුදලක් ණය දීමේ ක්‍රමවේදයට තේ ලබාදීමට ද එකඟතාව පළ වී තිබේ.

මෙම ණය මුදල් ලබා ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව සමඟ අදාළ ගිවිසුම්වලට එළඹීමට මුදල් අමාත්‍ය, අගමැති මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය ලැබී තිබේ.

මේ අතර කුඩා හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රයේ ක්ෂේත්‍රයේ සංවර්ධනය හා රැකියා උත්පාදනය උදෙසා ණය පහසුකම් සැලසීම සඳහා වන ස්වශක්ති ණය යෝජනා ක්‍රමය සංශෝධනය කිරීමට රජය පියවර ගෙන ඇත.

කාලීන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි එම ව්‍යාපෘතියේ ස්වභාවය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව වයස අවුරුදු 18ත් 40ත් අතර තරුණ ව්‍යවසායකයින්ට පහත ව්‍යාපාරික ක්ෂේත්‍රවලට අදාළව නව ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන එක උපරිමයකට යටත්ව ණය මුදල් ලබා දීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත්තේ තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍යවරයාගේ යෝජනාවකට අනුවය.

ඒ යටතේ,

* තොරතුරු තාක්ෂණ හා පරිගණක ආශ්‍රිත ව්‍යාපෘති

* කෘෂිකාර්මික, කිරි ගව හා සත්ව පාලන ව්‍යාපෘති

* සංචාරක ප්‍රවර්ධනය ආශ්‍රිත ව්‍යාපෘති

* නව නිපැයුම් හා යන්ත්‍රෝපකරණ නිර්මාණ ව්‍යාපෘති

* ආහාර සැකසුම් නිෂ්පාදන හා ආශ්‍රිත ව්‍යාපෘති

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යන ව්‍යාපෘති ණය මුදල් ලැබීම සඳහා සුදුසුකම් ලබයි.

 

 

Exit mobile version