කොරෝනාවෙන් බැට කෑ හෝටල් ඇතුළු සංචාරක අංශයේ සේවකයන්ට වැටුප් ගෙවන වැඩපිළිවෙළක් 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සංචාරක කර්මාන්තයට සෘජුවම සම්බන්ධ වූ සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි ආයතන සමඟ සම්බන්ධ වී සිටින සේවකයින්ගේ ජීවිත පවත්වා ගැනීම සඳහා පහත සඳහන් සහන ක්‍රියාමාර්ග, ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයන් සමඟ රජය අනුමත කර ඇති බවබසංචාරකසංවර්ධන අධිකාරිය නිවේචනය කරයි.

1. ඒ අනුව අධිකාරිය යටතේ ලියාපදිංචි කර ඇති නවාතැන් සපයන්නන් සහ ගමනාන්ත කළමනාකරණ සමාගම්වල (DMCs) සේවකයින්ගේ වෑටුප් ගෙවීම සදහා 4% ක සහන පොලී අනුපාතයකට රජයේ පශ්චාත් COVID-19 සහන යටතේ ඇප රහිතව ලංකා බැංකුව (BoC) හරහා ණය පහසුකම් ලබා දීමයට කටයුතු කර ඇත. මෙම වැඩපිළිවෙළ යටතේ ලංකා බැංකුව විසින් සෘජුවම රු.20,000 ක උපරිමයනට යටත්වූ මුදලක් එක් සේවකයෙකුට මාස හයක කාලයක් සඳහා ලබා දීමට නියමිතය.

2. අවන්හල්, සංචාරක හිතකාමී ආහාර ගන්නා ස්ථාන, ස්පා සහ සුවතා මධ්‍යස්ථාන, කුළුබඩු උද්‍යාන, සංචාරක සාප්පු සහ ජල ක්‍රීඩා මධ්‍යස්ථාන ආයතන 851 ක සේවකයින්ට වැටුප් ගෙවීම සඳහා සමාන ණය පහසුකමක් ලබා දෙනු ඇති අතර ලංකා බැංකුව විසින් සෘජුවම උපරිම වශයෙන් රු.15,000 ක මුදලක් මසකට එක් සේවකයෙකුට මාස හයක කාලයක් සඳහා ලබා දෙනු ලැබේ.


3. සංචාර පදනමක් මත (tour basis) සේවයේ යොදවා ඇති සංචාරක මාර්ගෝපදේශකයින් සහ සංචාරක රියදුරන් සේවක අර්ථසාධක සහ සේවක භාරකාර අරමුදල් සඳහා හිමිකම් නොකියන බැවින් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක මාර්ගෝපදේශකයින්ට රු .20,000 ක් සහ රියදුරන්ට රු .15,000 බැගින් ගෙවනු ලැබේ.මෙම ගෙවීම් අධිකාරිය විසින් ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත කෙලින්ම යවනු ලැබේ.

4. 2020 මාර්තු 1 සිට අගෝස්තු 31 දක්වා කාල සීමාව සඳහා අධිකාරියේ ලියාපදිංචි නවාතැන් සපයන්නන්ගෙන් අයවිය යුතු මුදල් ප්‍රමාද කිරීම සහ සමුච්චිත බිල්පත් පියවීම සඳහා මාස 12 ක වාරික සැලැස්මක් ලබා දීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට උපදෙස් ලබා දීම.

මෙම කාල සීමාව තුළ විදුලිය සහ/හෝ ජල බිල්පත් ගෙවා ඇත්නම්, මාස 12 ක සහන කාලයක් සහතික කිරීම සඳහා අමතර ණය කාලයක් ලබා දීම.

5. පවත්නා කල්බදු ගිවිසුම සලකා බැලීමෙන් තොරව සහ සහන කාලය තුළ පැහැර හැරීමේ ගාස්තු රහිතව සංචාරක කටයුතු සඳහා බදු දී ඇති වාහන සඳහා ලබා දී ඇති මාස හයේ සහන කාලය මාස දොළහක් දක්වා දීර්ඝ කරන ලෙස මහ බැංකුව, බැංකු හා මූල්‍ය ආයතනවලට චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම.

ඉහත 1 සහ 2 සඳහා සුදුසුකම් සහ කොන්දේසි පහත දැක්වේ.

  • 2019 වන විට අධිකාරිය සමග ලියාපදිංචි සියලුම ආයතන සුදුසුකම් ලබයි (විදේශ ආයෝජන ඇතුළුව)

  • TDL (සංචාරක සංවර්ධන බද්ද) ගෙවා ඇති ආයතනවලට පළමු ප්‍රමුඛතාවය ලබා දෙනු ඇත.

  • සියළුම ණය බෙදාහැරීම් 2019 දී සේවක ඊපීඑෆ් ගෙවීම් කළ සේවා යෝජකයන්ට වේ

  • සියලුම බෙදාහැරීම් ලංකා බැංකුව හරහා සිදු කෙරේ.

  • බෙදාහැරීම් ආයතනික ඇපකරයකට හෝ ලංකා බැංකුවට පිළිගත හැකි පුද්ගලික හෝ ස්වාධීන ඇපකරුවෙකුට යටත් වේ.

  • ණය කාලය තුළ සහ සම්පූර්ණ ගෙවීම තෙක්; ණය ගැනුම්කරු SLTDA සමඟ ලියාපදිංචි විය යුතුය. එසේ කිරීමට අපොහොසත් වීම ගිවිසුම කඩ කිරීමක් ලෙස සැලකේ.

  • සියලුම ණය බෙදාහැරීම් මාසිකව සේවක බැංකු ගිණුම් වෙත කෙලින්ම යවනු ලැබේ.

  • 2020 අප්‍රේල්, මැයි සහ ජුනි මාසවලදී මෘදු කාරක ප්‍රාග්ධන ණය ලබාගෙන ඇති ලියාපදිංචි ආයතන ද සුදුසුකම් ලබයි.

ඉහත 1 සහ 2 සඳහා ආපසු ගෙවීම: අදාළ වන පොලී අනුපාතය වාර්ෂිකව 4% ක් වන අතර මෙය බෙදාහැරීමේ දිනයේ සිට වසර දෙකක සහන කාලයක් සහිත අවුරුදු පහක (5) ණයක් වන බවද සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරයි.

Exit mobile version