කොටස් වෙළෙඳපොළේ S&P දර්ශක ලයිස්තුවෙන් යන සහ එන සමාගම් මෙන්න

වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය සහ වෙළෙදසපොළ දෛනික පිරිවැටුම මත වර්ගීකරණයට ලක් කරන ලද එස් ඇන්ඩ් පී ශ්‍රි ලංකා 20 දර්ශකයට අයත් වන සමාගම් ලයිස්තුව සංශෝධනයට ලක් කිරීමට එම වර්ගීකරණය සිදු කරන S&P Dow Jones Indices පියවර ගෙන ඇත.

වාර්ෂිකව සිදු කෙරෙන මෙම වර්ගීකරණ ඇගයීමට අනුව කොළඹ කොටස් වෙළෙඳපොළේ එස් ඇන්ඩ් පී වර්ගීකරණ ලයිස්තුවට සෙන්ට්‍රල් ෆිනෑන්ස්,LOLC ,සිලෝන් ටොබෑකෝ, රිචඩ් පීරිස් , මෙල්ස්ටාකෝප් සහ සෙලාන් බැංකුව යන ආයතන ඇතුළත්ව ඇති අතර ටෝකියෝ සිමෙන්ට් කම්පැනී ලංකා, එක්ස්පෝ ලංකා හෝල්ඩින්ග්ස් , ජනශක්ති ඉන්ෂුවරන්ස් කොම්පැනි, ලංකා අයි.ඕ.සී, සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් , යුනියන් බැංකුව යන පොදු සමාගම් ඉවත් ව ඇත.

S&P Dow Jones Indices විසින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සිදු කරනු ලබන මෙම වර්ගීකරණයේ 2020 වසරේ පළමුවන අර් ධ වර් ෂය ට අදාලව මෙම වෙනස්කම් වූ බව කොළඹ කොටස් හුවමාරුව පවසයි.


2020 ජුනි මස 22 වන දින සිට බලපැවැත්වෙන පරිදි එනම් අද දින (ජුනි මස 19 වන දිනට) කොටස් වෙළෙදපොළ ගනුදෙනු අවසන් වීමෙන් පසුව) S&P ශ්‍රී ලංකා 20 දර් ශකයේ නව ලයිස්තුව යාවත්කාලීන වේ.

S&P ශ්‍රී ලංකා 20 දර් ශකය අන්තර් ජාතික ප්‍රමිතීන් හා පිළිවෙත්වලට අනුව යමින් නිර් මාණය වි ඇත.

මෙහිදී සියලූම කොටස් S&P Dow Jones Indices සහ MCSI යන ආයතන විසින් නිර් මාණය කරන ලද ගෝලීය කර් මාන්ත වර් ගීකරණ ප්‍රමිතින්ට (Global Industry Classification Standard) (GICS) අනුව සලකා බලා වර් ගීකරණයට ලක්වේ. මෙම ක්‍රමවේදය ලොව පුරා සිටින වෙළෙඳපොල සහභාගීකරුවන් විසින් ඉතා පුළුල් ලෙස හාවීතයට ගනු ලබයි.

S&P ශ්‍රී ලංකා 20 දර් ශකයට අන්තර් ගතවීම සඳහා එක සමාගමක් සතුව අවම වශයෙන් රුපියල් මිලියන 500ක චලිත වෙළෙඳපොල ප්‍රාග්ධනීකරණයක් තිබීම, මාස 6ක මධ්‍යස්ථ දෛනික ගනුදෙනු වටිනාකම රුපියල් මිලියන 0.25කට නොඅඩුවීම, නැවත සංසන්දනය කිරීම සිදුකරන දිනයට පෙර මාස තුනක කාලය තුල එක මසකදී අවම වශයෙන් දින 10 කදී ගනුදෙනු වී තිබීම හා එම දිනයට පෙර මාස 12ක කාලය තුළ ලාභ උපයා තිබීම අවශ්‍ය වේ.

S&P ශ්‍රී ලංකා 20 දර් ශකයෙහි 2020 ජුනි මස 22වන දින සිට අදාළ වන කොටස් සමුහයන් වන්නේ (ඉංග්‍රීසි අකාරාදි පිළිවෙලට)
සමාගම් CSE Ticker

1. ඇක්සෙස් ඒන්ජිනියරින් පී.එල්.සී AEL.N0000
2. එයිට්කන් ස්පෙන්ස් පී.එල්.සී SPEN.N0000
3. සෙන්ට්‍රල් ෆයිනැන්ස් කම්පැනී පී.එල්.සී CFIN.N0000

4. සිලෝන් ටොබෑකෝ කම්පැනී පී.එල්.සී CTC.N0000
5. චෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා පී.එල්.සී LLUB.N0000
6. කොමර්ෂල් බැංකුව පී.එල්.සී COMB.N0000/
COMB.X0000
7. ඩි. එෆ්.සී.සී. බැංකුව පී.එල්.සී DFCC.N0000
8. ඩයලොග් ආක්සියෙටා පී.එල්.සී DIAL.N0000
9. හැටන් නැෂනල් බැංකුව පී.එල්.සී HNB. N0000 /
HNB. X0000
10. ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පී.එල්.සී JKH.N0000
11. එල්.ඕ.එල්.සී ෆයිනැන්ස් පී.එල්.සී LOFC.N0000

12. එල්.ඕ.එල්.සී හෝල්ඩින්ග්ස් පී.එල්.සී LOLC.N0000

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


13. මෙල්ස්ටාකෝප් පී.එල්.සී MELS.N0000
14. නැෂනල් ඩිවෙලෝප්මන්ට් බැංකුව පී.එල්.සී NDB.N0000
15. ඕවර් සීස් රියැලටි සීලෝන් පී.එල්.සී OSEA.N0000
16. පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆයිනැන්ස් පී.එල්.සී PLC.N0000
17. රිචඩ් පීරිස් ඇන්ඩ් කම්පැනී පී.එල්.සී RICH.N0000
18. සම්පත් බැංකුව පී.එල්.සී SAMP.N0000
19. සෙලාන් බැංකුව පී.එල්.සී SEYB.N0000
SEYB.X0000
20. ටිජේ ලංකා පී.එල්.සී TJL.N0000

Exit mobile version