කලාපයේ සිටි දිළිඳුම රටටත් ණයවන තැනට වැටුණු ලංකාව ගැන ඉන්දියාවෙන් ඇහෙන කතා…

බංග්ලාදේශයට මෙය ඓතිහාසිකයි -ඉන්දියන් එක්ස්ප්‍රස් කියයි

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බංග්ලාදේශ ඉතිහාසය තුළ වෙනත් රටකට මූල්‍යමය වශයෙන් ආධාර කිරීමේ පළමු අවස්ථාව ශ්‍රි ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මූල්‍ය පහසුකම ලබා දීම බව ඉන්දියන් එක්ස්ප්‍රස් වෙබ් අඩවිය සඳහන් කරයි.

එසේම ශ්‍රි ලංකාව විදේශ ආධාර ලබා ගන්නා ඉන්දියාව හැරුණු විට සාක් කලාපයේ එකම රට බංගලාදේශය බව ද සඳහන් කරන එම වෙබ් අඩවිය මෙම මුදල් ගනුදෙනුව ඒ අනුව ශ්‍රි ලංකාවට බංග්ලාදේශයට මෙන්ම සාක් කලාපයට ද වැදගත් ගනුදෙනුවක් ලෙස විග්‍රහ කරයි.

ස්වැප් (Swap) ක්‍රමය යටතේ බංග්ලාදේශය මෙසේ ශ්‍රි ලංකාවට ඩොලර් මිලියන 200ක් ලබා දුන් අතර බංග්ලාදේශයේ මහ බැංකුවවන බංග්ලාදේශ බැංකුව ප්‍රතිපත්තිමය වශයෙන් ශ්‍රී ලංකාව සමඟ ඩොලර් මිලියන 200ක මුදල් හුවමාරු ගිවිසුමක් අනුමත කර ඇත. එය ශ්‍රි ලංකාවේ දැනට පවතින දැඩි විදේශ විනිමය අර්බුදය මැඩපැවැත්වීමට උපකාරී වනු ඇතැයි බංග්ලාදේශයේ මාධ්‍ය උපුටා දක්වමින් ඉන්දියන් එක්ස්ප්‍රස් වෙබ් අඩවිය පවසයි.

එම වාර්තාව සඳහන් කරන්නේ ශ්‍රි ලංකාවට මෙම වසර තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 4.05ක විදේශ ණය ගෙවීමක් පවතින අතර පසුගිය මාර්තු වනවිට විදේශ සංචිත පැවතියේ ඩොලර් මිලියන 4ක් පමණක් බවය. ශ්‍රි ලංකා අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ බංග්ලාදේශ අගැමතිනිය ෂීක් හසීනාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම පහසුකම සංවිධානය වුණු අතර එය අනුමත කිරීමට බංග්ලාදේශ මහ බංකුව පියවර ගත්තේය.

ස්වැප් මුදල් හුවමාරුවකදී සිදුවන්නේ බංග්ලාදේශය විසින් ශ්‍රි ලංකාවට ඩොලර්වලින් ණයක් ලබා දීමක් වන අතර ගිවිසුමට අනුව ශ්‍රි ලංකාව එම ණය සහ පොලිය ගෙවිය යුත්තේ රුපියල් වලිනි. ශ්‍රි ලංකාවට මූල්‍ය වෙළෙඳපොළින් සාමාන්‍ය අනුපාතවලින් විදේශ ණය ලබා ගැනීමට වඩා මෙය ලාබ දායක බව සඳහන්ය. විශේෂයෙන් මේ වනවිට විදේශ සංචිත අතින් දැඩි අර්බුදයකට ලක්ව සිටින ශ්‍රි ලංකාව ට මෙම ණය මුදල් රුපියල්වලින් ගෙවීම සහනයකි.

බංගලාදේශය ලොව තුළ පිළිගැනුණේ දකුණු ආසියාවේද දිළිඳුම ජාතියක් ලෙසිනි. ඔවුන් තවමත් බිලියන ගණන විදේශ ආධාර ලබන ජාතියකි. කෙසේ වුවද ඔවුන් ශ්‍රි ලංකාවට ඩොලර් මිලියන 200ක මූල්‍ය පහසුකමක් දීම ලෝකයේ අවධානයක ලක්ව ඇති අතර ඔවුන් මේ ආර්ථික ශඛ්‍යතාව ලබා ගත්තේ මෑත කාලීනව ලබා ගත් ආර්ථික වර්ධනයේ අනුහසිනි.

2020 වසර කොවිඩ් වසංගතයෙන් ලොකයේ බොහෝ ආර්ථිකයන් පහළ ගියද බංග්ලාදේශයේ ආර්ථිකය කලාපයේ වේගවත්ම වර්ධනයක් පෙන්නුම් කළ රට විය. ඒ අනුව බංග්ලාදේශය සියයට 5.2ක ආර්ථික වර්ධනයක් අත්පත් කරගෙන ඇත.
ඉන්දියන් එක්ස්ප්‍රස් තම වාර්තාවෙන් තවදුටටත් සඳහන් කරන්නේ කලාපයේ සෙසු රටවලට ආර්ථික ශක්තියක් වීමට ඇති බලවතා තමන් බවට ඉන්දියාව තුළ විශ්වාසයක් තිබුණ ද මෙම ගනුදෙනුවත් සමඟ එම ආකල්පයේ වලංගුභාවයද අවසන් වූ බවයි.

ශ්‍රි ලංකාව ඉන්දියාවෙන්ද ඇමෙරිකානු ඩොලර් බිලියනයක පහසුකමක් බලාපොරොත්තු වූ අතර නරේන්ද්‍ර මෝදි රජය එය ලබා දීම ප්‍රතික්ෂේප කළේය.

Exit mobile version