ඉෂාරගේ LOLC හේමාස්ට අයත් සෙරන්ඩිබ් හෝටල් මිලදී ගනී

ගනුදෙනුවේ වටිනාකම කෝටි 79.2ක්

ශ්‍රි ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයකු වන ඉෂාර නානායක්කාර මහතාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වන එල්ඕඑල්සී (LOLC) සමාගම ඊයේ හේමාස් ව්‍යාපාර සමූහයට අයත් සෙරන්ඩිබ් හෝටල් සමාගමේ හිමිකම තමන් වෙත පවරා ගත්තේය.

කොටස් වෙළෙඳපොලේ ලයිස්තු ගත සමාගමක් වන සෙරන්ඩිබ් හොටෙල්ස් සමාගමේ සියයට 56.6ක බහුකර අයිතිය එල්ඕඑල්සී සමාගම ලබාගෙන ඇත්තේ රුපියල් මිලියන 792ක ගනුදෙනුවක් හරහා බව වෙළෙඳපොල අරංචි මාර්ග සඳහන් කරයි.

හෙමාස් සමූහයට අයත්ව තිබූ සෙරන්ඩිබ් සමාගමේ සියයට 56.6කට අයත් කොටස් මිලියන 42.8ක් එක කොටසක් රුපියල් 14.20 බැගින් හුවමාරු වී ඇත.


සෙරන්ඩිබ් හෝටල් සමාගමට අයත් සංචාරක ක්ෂේත්‍රෙය් දේපළ සමූහයක් පවතින අතර එයින් ප්‍රධාන වන්නේ බෙන්තොට අවානි හෝටලයයි.

ඊට අමතරව සීගිරිය හෝටලය, ක්ලබ් ඩොල්පින් වයික්කාල හෝටල් අයත් සමාගම්වල ප්‍රධාන කොටස්හිමිකරු වන්නේද සෙරන්ඩිබ් හෝටල් සමාගමයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම සෙරන්ඩිබ් ලෙෂර් මැනේජ්මන්ට් සමාගම සහ මිරිස්ස ලැන්ටර්න් බීච් කලෙක්ෂන් සමාගම්වල අයිතිය ද සෙරන්ඩිබ් හෝටල් පොදු සමාගමට අයත්ය.

Exit mobile version