“ආනයන තහංචිය තව මාස 6ක් දිගු වීම ආර්ථික වර්ධනයට බාධාවක්”

විද්වත් ආයතනයක් පෙන්වා දෙයි

ඇතැම් භාණ්ඩ සහ ද්‍රව්‍ය ආනයනය කිරීමේදී පනවා ඇති තහංචි හේතුවෙන් මෙරට ආර්ථිකයට අහිතකර වූ තත්ත්වයක් නිර්මාණය වන ලකුණු පෙනෙන්නට ඇතැයි ආර්ථිකය සහ ප්‍රතිපත්ති සැලසුම් පිළිබඳ විද්වත් ආයතනයක් වන ඇඩ්වෝකාටා ආයතනය පෙන්වා දෙයි.

විශේෂයෙන් පාරිභෝගික භාණ්ඩ සහ ඇතැම් නිෂ්පාදනවල අමුද්‍රව්‍ය ලෙස මෙරටට ගෙන්වන භාණ්ඩ සීමා කිරීමේ පසුබිමක් තුළ මෙරට ආර්ථික ක්‍රියාකාරකම්වල අවගමනයක් සේම උද්ධමනය අනවශ්‍ය ලෙස ඉහළ යාමක් නිර්මාණය වනු ඇති බව මෙම ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම මාධ්‍ය නිවේදනයට අනුව රජය විසින් ම පසුගිය මැයි මාසයේ 22 වැනිදා නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අනුව මෙරට ඇතැම් ආනයනය කරන භාණ්ඩ සඳහා ක්‍රියාත්මක කරන ලදආනයන තහනම ඊට පසුව නිකුත් කරන ද අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් ජූලි 02 වැනිදා සිට ඉදිරියට මාස හයක කාලයක් සඳහා ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.


කොවිඩ් වසංගතය මත නිර්මාණය වූ ආර්ථික අර්බුදය මත විදේශ විනිමය සංචිත අරක්ෂා කිරීම සහ සමතුලිත කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබුණද මේ මොහොතේ මෙරට ආර්ථිකය බලාපොරොත්තු වන්නේ වැඩි ද්‍රවශීලතාවක් එනම් මුදල් වෙළෙදපොලට හැකි තාත් නිදහහස් කිරීමක් සහ මහැකිතාක් දුරට ණය පහසුතම් ලබා දීමය. වෙළෙඳපොලේ රුපිටයලේ අගය සම්බන්ධටයෙන් පවතින පීඩනය අවපාතයකට ගමන් කිරීම හරහා මෙරට මූළ්‍ය වෙළෙඳපොළේ විදේශ විනිමඉ හිඟයකටද අපනිරාවරණය වී ඇත.

මෙම තත්ත්වය හමුවේ රුපියලේ අගය අරක්ෂා කර ගැනීමට රජය විසින් ගන්නා ලද එක් ක්‍රියාමාර්ගයක් වූයේ සුඛෝ‍භෝගී වාහන සහ පාරිභෝගික ද්‍රව්‍ය, ශීතකරණ, සමහර කර්මාන්ත සඳහා යෙදා ගන්නා අමුද්‍රව්‍ය මෙන්ම ආනයනය කෙරෙන එළවළු සහ පලතුරු වර්ග සඳහාද ආනයන සීමා පැනවීමය.

එම තත්ත්වය තුළ විශේෂයෙන් සුඛෝපභෝගී භාණ්ඩ සහ වාහන ආනයනය සම්බන්ධයෙන් සීමා පැනවූවද පාරිභෝගික භාණ්ඩ සහ කර්මාන්ත සඳහා අවශ්‍ය කෙරෙන අමුද්‍රව්‍ය සම්බන්ධයෙන් පනවා ඇති තහංචි හේතුවෙන් මෙරට අභ්‍යන්තර වෙළෙඳපොළ තුළ ඇතැම් භාණ්ඩවල මිල අනවශ්‍ය ලෙස ඉහළ යාමක් පෙන්නුම් කරන අතර ඇතැම් කර්මාන්තවලට තම නිෂ්පාදන සිදු කිරීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී අති බව ඇඩ්වෝකාටා ආයතනය පෙන්වා දෙයි.

නිදසුනක් ලෙස මෙ ආනයන සීමා නිසා දේශීය රසකැවිලි කර්මාන්තය දැඩි දුෂ්කරතාවකට මේ වනවිටත් මුහුණ පා ඇති බවඑම ආයතනය පවසයි. රසතැවිලි නිෂ්පාදනයේදී අවශ්‍ය කෙරෙන බ්ලොක් ෆැට් සහ මාගරින් සඳහා සියයට 340ක විහේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවා ඇති අතර ෆාම් තෙල් සහ සීනි ආනයන බදු වැඩි කිරීමද සමඟ මෙම කර්මාන්තය කරගෙන යාමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලක්ෂ හයක් පමණ සෘජු සහ වක්‍ර රැකියා කරන මෙම ක්ෂේත්‍රෙය් නිෂ්පාදන රටවල් 55කට අපනයනය කරන බවත් එයින් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක පමණ විදේශ විනිමයක් උපයන බවත් එම ඇඩ්වෝකාටා ආයතනය පෙන්වා දෙයි. එබැවින් ඉදිරියේදී මෙම කර්මාන්ත සහ දේශීය වෙළෙඳපොල මත නිර්මාණය වන තත්ත්ව සලකා මේ සීමා සංශෝධනය නිරීමට අවධානය යොමු කළ යුතු බවද එම ආයතනය පවසයි.

Exit mobile version