මෙරට පැරණිතම ෆිනෑන්ස් කොම්පැනියක් තවත් එකක් සමඟ එක්වෙයි

ශ්‍රි ලංකාවේ දෙවැනි පැරණිතම මූල්‍ය ආයතනය වන ආර්පිකෝ ෆිනෑන්ස් පී.එල්සී සමාගම ඇසෝෂියේටඩ් මෝටර් ෆයිනෑන්ස් සමාගම සමගම එක්වීමට තීරණය කොට තිබේ.

මේ අනුව මෙම ගනුදෙනුව ලබන වසරේ මාර්තු 31 වැනිදාට පෙර අවසන් වනු ඇති බව වෙළෙඳපොල ආරංචි මාරග සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ආර්පිකෝ සමාගමේ සමස්ත කොටස්වලින් සියයට 6කට ආසන්න ප්‍රමාණයක් පොදු ජනතාව අතර කොටස් වෙළෙඳපොල හරහා ලබා නෙ ඇති අතර එමස කොටස් හිමියන්ට මෙම ගනුදෙනුව අවසන් වනවිට ඔවුන් සතු සෑම කොටස් 100කට ඇසෝෂියේටඩ් මෝටර් ෆයිනෑන්ස් සමාගමේ කොටස්සියයට 76ක් හිමිවනු ඇති බවද එම සමාගම් කොටස් වෙළෙඳපොල වෙත මේ වනවිට දන්වා ඇත.


Exit mobile version