චීන බලපෑම් හීන කරන්න ඉන්දියාවෙන් ඩොලර් 400ක්

ඉන්දියාව සහ ශ්‍රි ලංකාව අතර පසුගියදා ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක විනිමය හුවමාරු (Currency Swap) ගිවිසුමට එලඹුණු අතර ඉන්දියානු ෆෙඩරල් බැංකුව සහ ශ්‍රි ලංකාවේ මහ බැංකුව අතර අදාළ ගිවිසුම් හුවමාරු විය.

මෙම ගිවිසුම 2022 වසරේ නොවැම්බර් මාසය දක්වා ක්‍රියාත්මක වන අතර අදාළ කාලය තුළ ඉන්දියාව සහ ශ්‍රි ලංකාව අතර විනිමය හුවමාරු අනුපාතයන් ස්ථාවරව පවත්වාගෙන යාමට හැකියාව ලැබෙනු ඇති බවත් එය කොවිඩ් 19 වසංගතය හමුවේ ශ්‍රි ලංකාව මුහුණ දී ඇති ආර්ථික අභියෝග සමනය කිරීමට හේතුවක් වනු ඇතිබවත් ශ්‍රි ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

විශේෂයෙන් ඉන්දියාවෙන් හ්‍රි ලංකාවට අනාගතයේදී ලගැබෙන ණය මුදල්වලදී හුවමාරු පොලී අනුපාතිකයන් නොවෙනස්ව පවතිනු ඇති අතර එයින් ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර ගනුදෙනුවලදී වඩාත් පහසුවක් සිදුවනු ඇති බව සඳහන් කරයි.


මේ පිළිබඳව අනාවරණය කරන ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ ශ්‍රි ලංකාව ණය ලබා ගැනීම් ඇතුළු මූල්‍ය ක්‍රියාකාරකම්වලදී චීනය මත යැපීම පාලනය කිරීමේ ක්‍රමෝපායයක් ලෙස ඉන්දියාව විසින් මෙම ණය පහසුකම් ලබාදීමට කටයුතු කර ඇති බවය.

මේ වනවිට ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර ක්‍රියාත්මක වන ණය යළි ගෙවීම් ප්‍රතිව්‍යූහගතකරණයක් කිරීමටද දෙපාර්ශ්වය අතර පැවැති සාකච්ඡාවලදී එකඟතාව පළ කොට ඇත.

ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ඉන්දියාව මේ වනවිට ශ්‍රි ලංකාවේ තීරණාත්මක ආයෝජන සඳහා මැදිහත්වීමක් සඳහා බලාපොරොත්තුවෙන් සිටින බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විශේෂයෙන් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියානු සහ ජපාන ආයෝජනය වෙත ලබා දීමට වර්තමාන ආණ්ඩුව එකඟ වීමද එහිදී ඉන්දියාව බලාපොරොත්තු වන තත්ත්වයක් බව සඳහන් වේ.

Exit mobile version