ටී.එන්.ඒ. උසිගැන්වීම සාර්ථකයි… උරුතිරපුරම් ගැමියෝ පුරාවිද්‍යා නිලධාරීන් හා ගැටෙති….

දිනසේන රතුගමගේ

කිළිනොච්චියේ උරුතිරපුරම් ශිව  කෝවිල අසල පුරා විද්‍යා නිලධාරීන් අද ( 24 )කැණීම් ආරම්භ කිරීමට ගිය අවස්ථාවේදී  කෝවිල් බාරකරුවන් හා ප්‍රදේශවාසීන් එක්ව දැඩි විරෝධය පල කිරීම හේතුවෙන් කැණීම් කටයුතු තාවකාලිකව නතර කිරීමට සිදුව තිබේ.

එම ස්ථානය හින්දු භක්තිකයින්ට අයත් ශිව කෝවිලක් නිසා බෞද්ධ නටබුන් ඇති බව කියමින් කැණීම් කටයුතු සිදු කිරීමට ඉඩ දිය නොහැකි බව කියමින් ගම් වැසියෝ හා කෝවිලේ බාරකරුවන් පුරා විද්‍යා නිලධාරීන්ට එම ස්ථානයට ඇතුලු වීමට අවසර ලබා නොදී මග හරස් කළහ.

මේ අවස්ථාවේදී දෙපිරිස අතර දැඩි නොසන්සුන් තත්ත්වයක් හටගත්   නිසා පොලීසිය කැදවීමට  පුරා විද්‍යා නිලධාරීන්ට සිදුවුණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගම්වාසීන් කෑකෝ ගසමින් කැණීම් කටයුතු වලට විරෝධය පල කිරීම නිසා පොලිසිය මැදිහත් වී එම ස්ථානයේ පැවති උණුසුම් තත්ත්වය  සමථයකට පත් කළ අතර මේ ප්‍රශ්නය ස්ථිරව විසදෙන තුරු කැණීම් කටයුතු නිලධාරීන් විසින් තාවකාලිකව නතර කොට දමා තිබේ.

Exit mobile version