නතාෂා නෙත්මිණි –
කොවිඩ් වෛරසය ආසාදනය වූ තවත් කාන්තාවක් කොළඹ ජාතික රෝහලේදී අද (3) මරණයට පත්ව ඇත.
මෙලෙස මිය ගොස් ඇත්තේ ග්රෑන්ඩ්පාස් ප්රදේශයේ පදිංචි අවුරුදු 61 වයසැති කාන්තාවකි.
මෙම මරණයත් හදිසියේ සිදුවූ මරණයක් ලෙස සැලකෙන අතර ජාතික රෝහලට ගෙන ඒමෙන් පසු සිදුකල පරික්ෂාවේදී කොරෝනා ආසාදිතයැයි හෙලිව ඇත.
මේ සමගම මෙරට සමස්ත කොරොනා මරණ ප්රමාණය 23 දක්වා ඉහළ ගොස් තිබේ.