2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරත්වයට ශ්‍රි ලංකාවත් ඉල්ලයි!

අභ්‍යන්තර වාර්තා උපුටා දක්වමින් බී.බී.සී. ය කියන කතාව

2026 පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සත්කාරකත්වය ලබා දීම ඉල්ලුම් කර ඇති රටවල් අතර ශ්‍රි ලංකාවත් සිටින බව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා කවුන්සිලය අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් බී.බී.සී පුවත් සේවය වාර්තා කරයි.

එම වාර්තාවට අනුව ඔස්ට්‍රේලියාව, කැනඩාව ඉන්දියාව වැනි රටවලට අමතරව ශ්‍රී ලංකාව ද එහි සිටින  බව එම වර්තාව සඳහන් කරයි.

කෙසේ වුවද පොදු රාජ්‍ය මණ්ඩලීය තරග සම්මේලනයේ සභාපති ඩේම් ලුවිස් මාටින් පවසන්නේ මේ වනවිට අදාළ රටවල් සහ නගර සමඟ තමන් සාකච්ඡා කරමින් සිටින බවය.


ඊළඟට තරාගවලිය පැවත්වෙන සත්කාරක රට පිළිබඳව තීරණය ලබන වසරේ මුල් කාර්තුව තුළ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත  බව සඳහන්  වේ.

මෙම වාර්තාව අනුව කුඩා රටවල්වලට සත්කාරකත්වය ලබා දීම පහසු කරවීම සඳහා අනිවාර්යයෙන් පැවැත්විය යුතුම ක්‍රීඩා සංඛ්‍යාව අඩු කිරීම කෙරෙහි මෙන්ම අසල්වැසි රටවල් දෙකක් ඒකාබද්ධ කොට පවතින පහසුකම් උපයෝගී කරගෙන තරග පැවත්වීම කෙරෙහි ද අවධානය යොමු  කර ඇති බව ද බීබීසී වාර්තාවේ දැක්වෙයි.

කෙසේ වුවද කුඩා රටවලට මෙම සත්කාරක අවස්ථාව ලබා දීම සඳහා දැඩි උත්සාහයක් ගන්නා බව පවසන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ප්‍රධානියා මේ සඳහා පවතින අවස්ථා පිළිබඳව සලකා බලන බව සඳහන් කළේය.

කෙසේ වුවද අදාළ සත්කාරකත්වය ප්‍රදානය කිරීමේදී එහි පවතින යටිතල පහසුකම් අදාළ ඉලක්ක සැපිරීමට ප්‍රමාණවත් ද,  රටේ ආර්ථක සහ මූල්‍ය තත්ත්වයද සලකා බැලෙනු ඇති බව ද බී.බී.සී පුවත් සේවය සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සත්කාරකත්වය ඉල්ලා ඇත්තේ  පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී ය.

Exit mobile version