2020 ලොව බලවත්ම කාන්තාවන් 100 අතරට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක

2020 වසරේ ලොව බලවත්ම කාන්තාවන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක පැමිණ තිබේ.

ලෝක ප්‍රකට ෆෝර්බ්ස් සඟරාව විසින් එළිදක්වා ඇති මෙම ලයිස්තුවේ ඇය 29වන ස්ථානයට පත්ව ඇත.

ශෙමාරා වික්‍රමනායක ඕස්ට්‍රේලියාවේ  Macquarie සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂවරිය මෙන්ම ප්‍රධාන විධායක නිළධාරිණියද වේ.


ඇගේ පියා ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකි.

එක්සත් රාජධානියේ උපත ලැබූ ඇය කුඩා කාලයේදී ශ්‍රී ලංකාවේ වාසය කර ඇත.

ඉන්පසු වයස අවුරුදු 13 දී ඕස්ට්‍රේලියාව බලා ගොස් ඇති ඇය එහිදී අධ්‍යාපන කටයුතු සිදුකර තිබේ.

ඕස්ට්‍රේලියාවේ විශාලතම සමාගම් 20 අතර සිටින එකම ප්‍රධාන විධායක නිළධාරිනියද ශෙමාරා වීම විශේෂත්වයකි.

ජාත්‍යන්තර ෆෝර්බ් සඟරාවට අනුව ලොව බලවත්ම කාන්තාවන්ගේ ලයිස්තුව පළමු ස්ථානය හිමි කරගෙන සිටින්නේ අඛණ්ඩව 10 වැනි වරටත් ලොව බලවත්ම කාන්තාව බවට පත්ව සිටින ජර්මන් චාන්සලර්වරිය වන ඇන්ජෙලා මර්කෙල් ය.

දෙවැනි ස්ථානය යුරෝපා මහ බැංකුවේ ප්‍රධානී ක්‍රිස්ටීන් ලගාර්ඩ් හිමි කරගෙන ඇති අතර තෙවැනි ස්ථානයට පත්ව තිබෙන්නේ නව ඇමරිකානු උප ජනාධිපති ලෙස තේරී පත් වූ කමලා හැරිස් ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලොව බලවත්ම කාන්තාවන් 100 දෙනාගේ ලැයිස්තුව

Exit mobile version