15 දා සිට දුම්රිය ගමනාගමනය යථා තත්වයට…..

සෞඛ්‍ය උපදෙස් මත දැනට තාවකාලිකව නතර කර ඇති සියලුම දුම්රිය මෙම මස (15) දින සිට ධාවනයට එක් කිරීමට බලාපොරොත්තුවන දුම්රිය ප්‍රවාහන සමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර පවසයි.

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය මාර්ග පද්ධතිය සහ දුම්රිය ස්ථානවල සිදුකරන සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීම සදහා මහනුවර සිට බදුල්ල දක්වා දුම්රියෙන් ගමන් කරමින් සිටින අවස්ථාවේ අද (07) හැටන් දුම්රිය ස්ථානයේ සිදු කරන සංවර්ධන කටයුතු පිළිබඳව සොයා බැලීමට පැමිණි අවස්තාවේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“ඔක්තොම්බර් (01) දින සංචරණ සීමා යටතේ රට විවෘත කළ අවස්ථාවේ දුම්රිය ගමන් වාර 108 පමණ ක්‍රියාත්මක කරන්නට දුම්රිය දෙපාර්තමේන්තුව සූදානමින් සිටියා. නමුත් සෞඛ්‍ය අංශ අපිට දැනුම් දුන්නා සති දෙකකට දුම්රිය ධාවනය කල් දමන්න කියලා. ඒ නිසා (15) දින සිට දුම්රිය ධාවනය ආරම්භ කරන්න අපි සුදානම්ව සිටිනවා. ඒ සඳහා අපි ප්‍රවාහන අමාත්‍යංශයේ උපදෙස් බලාපොරොත්තු වෙනවා.


කාර්යාල දුම්රියන් වැඩි ප්‍රමාණයක් හඳුන්වලා දීමට කටයුතු කරලා තිබෙනවා. විශේෂයෙන්ම කුරුණැගල, පානදුර, වේයන්ගොඩ දුම්රිය ස්ථාන සිට අර්ධ සිඝ්‍රගාමි කාර්යාල දුම්රියන් හඳුන්වා දී තිබෙනවා. සමාන්‍යයෙන් දැනට තිබෙන දුම්රියවලින් මගීන් 25000 පමණයි ආසනගතව කොළඹට පැමිණීමට හැකියාව තිබෙන්නේ. එම සිමා යටතේ තමයි අපිට සේවය සපයන්න වෙන්නේ. කොරොනා නොමැති කාලයේ දුම්රිය දෙපාර්තුමේන්තුවට මාසකට මිලියන 500 පමණ අදායමක් තිබුණා. එම අදායම දැන් අපිට අහිමි වෙලා. අනෙත් පසින් දුම්රිය ධාවනය නොකිරිම නිසා යම් ඉතිරි කිරිමක්ද සිදු වෙනවා. දුම්රිය භාණ්ඩ ප්‍රමාණය ප්‍රවාහනය වැඩි කිරිම සම්බන්ධව අපි අවධානය යොමුකර තිබෙනවා. ඉන්ධන ගබඩා සඳහා දුම්රිය මගින් දැනට කෙරෙන 35% ක් පමණ වන ප්‍රමාණය ඉදිරියේදි 60 % දක්වා වැඩි කිරිමට අපි අපේක්ෂා කරනවා. ඒ සඳහා ප්‍රවාහන ඇමතිතුමියගෙන් සහ ඛනිජ තෙල් අමාත්‍යවරයාගෙන් උපදෙස් ලැබී තිබෙනවා.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම නිරික්ෂණ චාරිකාවට මධ්‍යම පළාත් දුම්රිය ප්‍රවාහන අධිකාරි ඩි.එම්.දිසානායක   ඇතුළු දුම්රිය දෙපාර්තුමේන්තුවේ ඉංජිනේරු පිරිසක් සහභාගි වූහ.

Exit mobile version