ළමා ජාවාරමේ ඇත්ත රටේ ඇත්ත කතාව හෙළි කරයි… අපේ පාස්පෝට් එක බලු වටින්නෙ නෑ… දරුවන් මැලේසියාවට ගෙනිහින් තියෙන්නේ මැලේසියානු පාස්පෝට් එකකින් යුරෝපයේ අධ්‍යාපනයට යවන්න…

Rear view of a college graduate girl

බොහෝ දෙනාගේ අවධානයට සහ කම්පනයට හේතුවූ  ශ්‍රී ලංකාවෙන් මැලේසියාවට යවන ලද ළමුන් පිළිබඳ  විමර්ශනය කරන විමර්ශන අංශ එම දරුවන් මැලේසියාව වෙත රැගෙන ගොස් ඇත්තේ වෙනත් ජාවාරමක් සඳහා නොව, බොහෝ බටහිර රටවල කිසිම පිළිගැනීමක් නැති ශ්‍රී ලංකාවේ ගමන් බලපත්‍රය වෙනුවට ව්‍යාජ මැලේසියානු ගමන් බලපත්‍රයක් හරහා එක්සත් රාජධානිය, කැනඩාව, ස්වීඩනය වැනි රටවල උසස් අධ්‍යාපන කටයුතුවලට   යොමු කිරීමට බව ආනාවරණය කරගෙන තිබේ.

මේ ජාවාරම හරහා මැලේසියාවට යවන ලද දරුවන් 17ක් පිළිබඳ විමර්ශන කටයුතු කරමින් සිටි විමර්ශන අංශ මේ තොරතුරු තහවුරු කරගන්නේ පුළුල් මෙහෙයුමකින් අනතුරුවය.

මෙම ළමා ජාවාරම ගැන කියැවෙන සියලුම දරුවන් ගැන වාර්තා වූයේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවලිනි.  ඒ සම්බන්ධව වැඩි අවධානයක් සහිතව විමර්ශනය කරන කණ්ඩායම්වලට ජාවාරමට සම්බන්ධව මෙරට පහසුකම් සපයන දේශීය තැරැව්කරුවෙකුව නෙත ගැටී තිබිණි.  මේ පුද්ගලයා පසුපස මාස ගණනක් තිස්සේ හඹා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස්   ජාවාරම් විමර්ශන සහ සමුද්‍ර ආරක්ෂක විමර්ශන අංශයේ   විමර්ශකයින් අදාල තැරැවුකරුවා   යාපනයේ පදිංචි 14 හැවිරිදි දරුවෙක් මැලේසියාවට යැවීමට සූදානම් කරන ආකාරය හෙළි කරගත්තේය.

එතැන් සිට දැඩි අවධානයකින් ඔහු පසුපස හඹා ගිය විමර්ශකයින් පසුගිය සඳුදා (22) මෙම ජාවාරම් කරුත්, 14 හැවිරිදි දරුවාත්, එම දරුවාගේ පියාත් ක්වාලාලම්පූර් වෙත පිටත්වන ගුවන් යානයට ගොඩවන ආකාරය නිරීක්ෂණය කළේය. ඔවුන්ට ක්වාලාලාම්පූර් වෙත පිටත්වන්නට ඉඩහැර මෙම සිද්ධිය පිළිබඳ මැලේසියානු ආගමන විගමන බලධාරීන් දැනුම්වත් කිරීමට විමර්ශකයෝ කටයුතු කළහ.


එම තොරතුරු මත ක්‍රියාත්මක වුන මැලේසියානු ආගමන විගමන අංශ ක්වාලාලාම්පූර් ගුවන්තොටුපලින් බැස එත්ම මෙම තැරැව්කරුවාත්, 14 හැවිරිදි දරුවාත්, පියාත් අත් අඩංගුවට ගෙන රටට ඇතුළු වීමට ඉඩ නොදී යළි ශ්‍රී ලංකාවට පිටුවහල් කළහ.  මේ තිදෙනා යළි කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපල වෙත පැමිණෙන්නේ පසුගිය බදාදා (24) ය.  මුලින්ම ආගමන විගමන නිලධාරින් විසින් ඔවුන් භාරයට ගත් තිදෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන අනතුරුව ඔවුන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබිණි.

සිද්ධිය පිළිබඳ පුළුල් විමර්ශන ඇරඹෙන්නේ ඉන් පසුය. මේ  පිළිබඳ මූලික විමර්ශනවලින් පසු   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  හෙළි ගන්නේ   මෙම දරුවා මැලේසියාවට ගෙන ගොස් ඇත්තේ  මැලේසියානු ගමන් බලපත්‍රයකින් උසස් අධ්‍යාපන කටයුතු සඳහා යුරෝපීය රටකට යැවීමට බවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් ජාවාරම්, ජාවාරම් විමර්ශන සහ සමුද්‍ර ආරක්ෂක විමර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුට අනුව ඩේලි මිරර් වාර්තා කර ඇත්තේ  2023 මුල් මාස කිහිපය තුළ ජාවාරම් කාරයින් නීති විරෝධී ලෙස ලංකාවෙන් මැලේසියාව වෙත රැගෙන ගිය  ළමුන් 17 දෙනාම රැගෙන ගොස් ඇත්තේ  විදේශ රටවල අධ්‍යාපනයට යොමු කිරීම මුල් කරගෙනම  බවට   විශ්වාස කළ හැකි තොරතුරු ලැබී ඇති  බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දරුකමට හදා ගැනීමක් සඳහා හෝ කිසියම් ශාරීරික අවයවයක් ලබා ගැනීම සඳහා ළමයින් ජාවාරම් කිරීමේ අදහස සම්පූර්ණයෙන්ම බැහැරකළ නිලධාරියා   ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයට ඇතැම් බටහිර රටවල ඇති පහළ පිළිගැනීම හේතුවෙන් බටහිර රටවල අධ්‍යාපනයට දරුවන් යොමු කිරීමේ අභිලාෂයෙන් පසුවන දෙමව්පියන් ඉලක්ක කරගෙන මිනිස් ජාවාරම්කරුවන්  මෙම ජාවාරම දියත් කර    ඇතැයි පෙන්වා දී ඇත.

Exit mobile version