හොරෙන් මෙරටට ගෙන ආ රත්‍රං කිලෝ 7ක් කටුනායකදී අල්ලයි

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 10 ක් පමණ වටිනා කිලෝ 07 ක් බරැති රත්‍රං තොගයක් සමඟ එක් පුද්ගලයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු 43 හැවිරිදි කොළඹ මරදාන ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන අතර ඔහු නිතර විදේශ සංචාරවල නිරත වන අයෙකි.

ඩුබායි සිට පැමිණි ඔහුගේ ඉණ වටා සඟවා තිබූ පාර්සල් අටක තිබූ රත්‍රං තොගය සොයා ගැනීමට හැකි වී තිබේ.

ඔහු සන්තකයේ කිලෝ 04.400ක් බරැති රන් බිස්කට් 43ක් සහ කිලෝ 2600ක් බරැති රන් ආභරණ තොගයක් තිබී ඇති බව විමර්ශනවලදී අනාවරණ වී ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මගියා සහ නීති විරෝධී භාණ්ඩ තොගය ඉදිරි කටයුතු සඳහා ගුවන් තොටුපළ රේගුව වෙත භාර දීමට කටයුතු කෙරිණි.

Exit mobile version