හොරණ දී කුඩු සමඟ ඇල්ලූ වෑන් රිය කඩවත කාන්තාවක් හමුදාවට දුන්න එකක්

හෙරොයින් මත්කුඩු කිලෝ හතලිස් පහක් සමඟ අද උදෑසන හොරණ දී අත්අඩංගුවට ගත් වෑන් රථය කඩවත ප්‍රදේශයේ කාන්තාවගේ නමට ලියා පදිංචි කර ඇති අතර ඇය විසින් එය කුලී පදනම මත යුද හමුදාවට ලබා දී ඇති එකක් බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම කාන්තාව විසින් එම වාහනය දඹුල්ල යුදහමුදා යුද හමුදා කඳවුරට අනුයුක්තව බ්‍රිගේඩියර් වරයකු වෙත කුලී පදනම මත පවරා ඇත.

මෙම වාහනය සෑදවූ යුධ හමුදා සෙබලා කොළඹ ට්‍රිපොලි යුධ හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන අයකු වන අතර ඔහු සමග අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයා මීට ටික කලකට පෙර යුදහමුදාව අතහැර ගිය ලාන්ස් කෝප්‍රල් වරයෙකු බව පොලීසිය සඳහන් කරයි.


එමෙන්ම මෙම කුඩු ජාවාරම ඩුබායි සිට ක්‍රියාත්මක කරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නඳුන් හෙවත් හරක් කටා නැමැත්තා විසින් මෙහෙයවන ලද මත්කුඩු ජාලයේ ම කොටසක් බවට ද මේ වන විට පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සමග එම වාහනය භාවිතා කළ බ්‍රිගේඩියර්වරයා ද සම්බන්ධ ද නැද්ද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳ විමර්ශන සිදුකෙරෙන බව පොලිස් ආරංචි ආරංචිමාර්ග ලංකාසරට පැවසීය.

Exit mobile version