හෙට ඇරඹෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයට බන්ධනාගාර රැඳවියන් 10ක්… ඉන් එක් අපේක්ෂකයෙක් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ අයෙක්!

hands

ශ්‍රියානි විජේසිංහ –                                             

වසර 2022  අපොස සාපෙල විභාගය හෙට (29) දිනයේදී පැවැත්වීමට නියමිත අතර අපේක්ෂකයින් 472 553 පෙනී සිටින බව විභාග කොමසාරින් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සදහන් කරයි.

මෙම අපේක්ෂකයන් අතර   10 දෙනෙකු බන්ධනාගාර රැඳවියන් යැයි බන්ධනාගාර කොමසාරින් ජනරාල් චන්දන ඒකනායක පවසයි.

මින් රැදවියන් පස් දෙනෙකු වටරැක බන්ධනගාරයේ අය වන අතර ඉතිරි පස්දෙනා වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් යැයි හෙතෙම පැවසුවේය.

වැලිකඩ බන්ධනාගාර රැදවියන් පස්දෙනාගෙන් එක් රැදවියෙකු ජීවිතාන්තය දක්වා සිර දඩුවම් හිමිවූවෙකු යැයිද හෙතෙම සඳහන් කළේය.


බන්ධනාගාර රැදවියන්ගෙන් වැඩි පිරිසක් ඉගෙනීමට වැඩි නැඹුරුවක් දක්වන්නන බව හෙලිව ඇතැයිද චන්දන  ඒකනායක   පැවසුවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විභාග මධ්‍යන්ථාන් 3568දි අපොස සාපෙළ විභාගය හෙට (28) දිනයේදී පැවැත්වෙනු ඇත.

 

Exit mobile version