හෙට අගමැති අස්වන දවස… අරලිය ගහ මන්දිරය “බිසී“… රට වටින් පොහොට්ටු දේශපාලන පොඩ්ඩන්   ගෙන්වීමේ සූදානමක්

MahindaR

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන හෙට දිනයේ ලංකාවේ සෑම තැනකින්ම ප්‍රාදේශීය මට්ටමේ පොහොට්ටු දේශපාලකයින් විශාල පිරිසක් අරලියගහ මන්දිරයට ගෙන්වීමට කටයුතු සූදානම් කර ඇතැයි වාර්තා වේ.

මේ පිරිස ලවා අග්‍රාමාත්‍යවරයා ඉවත් නොකළ යුතු බවට විශාල බලපෑමක් සිදුකරවීමට නියමිත බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග හෙළිදරවු කර ඇත.

මේ වනවිට සෑම දිනකම පාහේ විවිධ ප්‍රදේශවල ප්‍රාදේශීය දේශපාලකයින් බුරුතු පිටින් අග්‍රමාත්‍යවරයා හමුවට ගෙන්වීමේ වැඩපිළිවෙළක් දියත් වී ඇති බව පසුගිය දිනවල වාර්තා විය.  මේ ගෙන්වන පිරිස්  සියලු දෙනාම මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට ධුරයේ රැඳී සිටින ලෙස ඉල්ලා සිටිමින්  ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විශේෂත්වය වන්නේ අග්‍රාමාත්‍යවරයාගේ පුද්ගලික කාර්යය මණ්ඩලයේ සමහරුන්  මෙවැනි හමුවීම්  වීඩියෝ කර රහස් වීඩියෝවක්“ ලීක් “ වී ඇති බව හැඟවෙන සේ  ඔවුන්ගේ සම්බන්ධතා සහිත වෙබ් අඩවිවලට මුදාහැරීම  බව අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.


Exit mobile version