හිරුණිකා ජනපති මන්දිරය අසලට යෑම වැලැක්වීමට පොලිසිය මුදලිගේ මාවත වසයි…!

ජනාධිපති මන්දිරය අසලට ගමන් කිරීමට සූදානම් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු කාන්තාවන් කීප දෙනෙක් වැලැක්වීම සඳහා කොළඹ 2 මුදලිගේ මාවත පැරණි කාර්ගිල්ස් ගොඩනැගිල්ල අසලින්  බැරියර් දමා   කිසිම පුද්ගලයෙකුට ඇතුළු විය නොහැකි සේ මුලුමනින්ම පාර වසා   ආරක්ෂාව තර කිරීමට අද (28) දහවල් පොලිසිය කටයුතු කළේය.

මේ තත්ත්වය තුළ උණුසුම්කාරී තත්ත්වයක් නිර්මාණය විය. කාන්තාවන් කීප දෙනෙකුට මේ තරම් බය කුමක් නිසාදැයි විමසූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහජනයාට බියෙන් මේ ආකාරයේ බැරියර් දමාගෙන බංකරයකට වී ගතකරන ජීවිතය කුමක් දැයි ජනාධිපතිවරයාගෙන් විමසා සිටියාය.

මහ ජනතාව ලෙස තවත් නිහඬව නිවාසවල නොසිට එළියට බැස මේ  මහා පීඩනයට එරෙහි වෙන ලෙස ඇය ඉල්ලා සිටියාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



Exit mobile version