හිටපු ජනපති චරිත ඝාතන කොන්ත්‍රාත්තුවක් භාර අරගෙන

විධායක බලතල තමන් සතුව තබාගෙන වසර පහක් බකන් නිලාගෙන සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැන් චරිතඝාතනය  කිරීමේ කොන්ත්‍රාත්තුවක් බාරගෙන එය ක්‍රියාවට නන්වමින් සිටින බව හිටපු මුදල් ඇමිත රවී කරුණානායක කියයි.

අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වා ගැනීමට නොහැකි වූයේ යහපාලන ආණ්ඩුවේ ප්‍රභලයින ජාත්‍යන්තර පොලිසියට ලිපි ලිවීම හා සිංගප්පූරු රජයේ බලවතුන් සමග මිත්‍රශීලී සබඳතා පැවැත්වීම නිසා යැයි හිටපු ජනාධිපතිවරයා බොලඳ ප්‍රකාශයක් සිදුකර තිබෙන බවත්, එලෙස සිල්ලර ලෙස ජාත්‍යන්තර පොලිසියට හෝ රටකට කටයුතු කළ නොහැකි බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

හිටපු ජනාධිපතිවරයා කළ ප්‍රකාශකයට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කළ රවී කරුණානායක ජාත්‍යන්තර ගනුදෙණු කරන ක්‍රමවේදයක් පවතින බවත් එම ක්‍රමවේදයන් හිතවත්කම් මත වෙනස් කළ නොහැකි බවත් පැහැදිලි කළේය.


වර්ෂ 2015 දී රටේ ජනතාව මෛත්‍රීපාල සිරිසේනව විධායක ජනාධිපතිවරයා ලෙස  පත් කළේ අගමැතිට එරෙහිව ගේම් ගහන්නට හෝ ඇමතිවරුන්ගේ කකුලෙන් අදින්නට නොවන බව පවසන රවී කරුණානායක වසර පහක් තිස්සේ  මෙවැනි ප්‍රකාශ කියමින් කිසිවක් නොකර සිට දැන් මැතිවරණය ඉලක්ක කරගෙන චරිත ඝාතන කරන බවට චෝදනා කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තමන්ගේ නොහැකියාව වසා ගැනීමට කරනු ලබන මෙවැනි බොළඳ ප්‍රකාශ කිරීමෙන් ඔහු තව තවත් පිරිහෙන බව රවී කරුණානායක කීවේය.

Exit mobile version