හිටපු අගමැති මහින්දගේ ආරක්ෂාව තර වෙයි…

ඕනෑම මොහොතක විරෝධයක් හෝ ප්‍රහාරයක් එල්ල විය හැකියි ලු....

MAHINDA

වහාම ක්‍රියාත්මකවන පරිදි හිටපු අග්‍රාමාත්‍ය  මහින්ද රාජපක්ෂගේ  ආරක්ෂාව තර කිරීමට තීරණය කර ඇත.

රට තුළ උද්ගතව ඇති තත්ත්වය තුළ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට ඕනෑම අවස්ථාවක විරෝධය හා ප්‍රහාරයක් එල්ල විය හැකි බවට බුද්ධි අංශ ලබා දුන් තොරතුරු පදනම් කරගෙන  මෙම පියවර ගෙන ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග ලංකාසරට පැවසීය.

ඒ අනුව මහින්ද රාජපක්ෂ පදිංචි ස්ථානය වන කොළඹ  නිවස හා ඒ අවට මාර්ග සියල්ලෙහි මාර්ග බාධක ස්ථාපිත කිරීමටත් දැඩි ආරක්ෂක වැඩපිළිවෙළක් දියත් කිරීමටත්  මේ වනවිට කටයුතු යොදා ඇතැයි එම ආරංචි මාර්ග අනාවරණය කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම  වැඩපිළිවෙළේ පොලිසියේ කොටස  බස්නාහිර භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත සිදුකෙරන බව ද උක්ත ආරංචි මාර්ග සඳහන් කළේය.

 

Exit mobile version