හිඟුලේ බුදු පිළිම කුටියට හානි කිරීමට සැක පිට අයෙක් අත්අඩංගුවට

මාවනැල්ල හිඟුලේ බුදු පිළිම වහන්සේ තැන්පත් කළ කුටියට ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයකු ඊයේ (29) රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇත.

මාවනැල්ල පොලිසිය විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට ලක් කර ඇති අතර මෙතෙක් ඒ සම්බන්ධයෙන්  නිශ්චිත තොරතුරක් අනාවරණය වී නොමැති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වරක් අන්තවාදීන් අතින් ප්‍රහාරයට ලක් වූ මහනුවර කොළඹ මාර්ගයේ හිඟුල නගරයේ පිහිටි මෙම බුදු පිළිම වහන්සේ තැන්පත් කර ඇති කුටියේ ඉදිරිපස වීදුරුව යම් පුද්ගලයකු විසින් පෙරේදා (28)  රාත්‍රියේ පහර දීමකින් හානි කොට තිබූ අතර  මේ පිළිබඳව ඊයේ සිට පොලිස් කණ්ඩායම් කිහිපයක්ම අංශ කිහිපයකින්ම පරීක්ෂණ ආරම්භ කර තිබුණි.


Exit mobile version