හාල් අඩුවෙනකොට පිටි 12කින් ඉහළ යයි

කීර්ති ප්‍රනාන්දු – 

තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 12කින් ඉහළ දැමීමට ප්‍රීමා සමාගම තීරණය කර තිබේ.

සීනි, සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් ඊයේ නිකුත් කර ඇති පසුබිමක පාන් පිටි මිල වැඩි කිරීමට කටයුතු කිරීම මෙහිදී විශේෂ සිදුවීමකි.

සහල් සහ සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ශ්‍රී ලංකා රජය ඊයේ (02) අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය. ඒ අනුව සුදු සීනි සඳහා උපරිම සිල්ලර මිල ඇසුරුම් කළ: රු. 125/-ක් ලෙසත් ඇසුරුම් නොකළ: රු. 122/-ත් ලෙසත් සඳහන් වෙයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේම දුඹුරු සීනි කිලෝ ග්‍රෑම් එකක් ඇසුරුම් ‍කොට රු. 128/-ක් ලෙසත් ඇසුරුම් නොකළ රුපියල් 125ක් ලෙසත් උපරිම සිල්ලඑර මිල ලියම කර තිබේ. සහල් කිලෝ ග්‍රෑම් එකක් සඳහා උපරිම සිල්ලර මිල මෙසේය.
කීරි සම්බා: රු. 125, සුදු/රතු සම්බා – : රු. 103 සුදු/රතු නාඩු – රු. 98, සුදු/රතු කැකුළු සහල්: රු. 95.

Exit mobile version